දේශීය ප‍්‍රවෘත්තිි පත‍්‍රයේ පළවී තිබු ප‍්‍රවෘත්තිය කෙටිය. නමුත් සිත් උණුසුම් කරන්නේය. පවුල් ශක්තිමත් කිරීම පිළිබඳ ඇදහිල්ල පදනම් කර ගත් වැඩ සටහනකට සහභාගී වූ පසු සිරකරුවන් කණ්ඩායමකට තම පවුල් සමග විවෘත කාලයක් ගත කිරීමට අවස්ථාව ලැබුණි. සමහරු වසර ගණනාවක් තම දරුවන් දැක සිටියේ නැත. වීදුරු ජනෙල් තුළින් කථා කරනවා වෙනුවට එදින ඔවුනට තම ප‍්‍රියයන් ස්පර්ශ කිරීමටද වැළඳ ගැනීමටද අවස්ථාව ලැබුණි. පවුල් සමීපවී සිත් රිදුම් සුව වන විට කඳුළු ගලා ආවේය.

බොහෝ පාඨකයන්ට එය කථාවක් පමණී. නමුත් මේ පවුල්වලට එකිනෙකා වැළඳ ගැනීම ජීවිත වෙනස් වන අත්දැකීමකි. සමාව දීම සහ සමගි කිරීම ආරම්භ වී තිබුණි.

අපේ පාපවලට දෙවියන්වහන්සේ දෙන සමාව සහ සමගි කිරීමට උන්වහන්සේගේ පුත‍්‍රයාණන් තුළින් හැකියාව ලැබුණි. එය කිතුණු ඇදහිල්ලේ සාමාන්‍ය සංකල්පයක් නොවේ. එම සමගි වීමේ ප‍්‍රවෘත්තිය අපට මතක් කරන්නේ යේසුස්වහන්සේගේ පූජාව ලෝකයට පමණක් නොව ඔබටත් මටත් ශ්‍රේෂ්ඨ ප‍්‍රවෘත්තියක් බවය.

අප කළාවූ වරදකට සිත් දොස් තැබීමකින් අප දැඩිව සිත් බිඳී සිටින විට එය අපට තදින් අල්ලා ගත හැකි ආරංචියකි. එවිට දෙවියන්වහන්සේගේ නොනවතින දයාව පුද්ගලික ආරංචියක් බවට පත්වේ. යේසුස්වහන්සේ අප වෙනුවෙන් මිය ගිය නිසා සම්පූර්ණයෙන් පවිත‍්‍රවී “හිමටත් වඩා සුදුවී” (51:7) පියාණන් වෙත පැමිණීමට අපට හැකියාව ලැබේ. උන්වහන්සේගේ දයාවට අප සුදුසු නැතැයි සිතන විට අපට යැපිය හැකි එකම කාරණය අපට අල්ලා ගත හැකිය. ඒ දෙවියන්වහන්සේගේ නොනවතින පේ‍්‍රමය සහ සානුකම්පාවයි (1 පදය).