Archives: මාර්තු 2019

ශ්‍රේෂ්ඨ ත්‍යාගය

වසර ගණනාවක් මුළුල්ලේ මාගේ මිතුරිය වන බාබරා මා හට දිරිමත් වන කාඩ්පත් සහ අනගි ත්‍යාගද දී ඇත. මා යේසුස්වහන්සේ මාගේ ගැළවුම්කරු ලෙස පිළිගත් බව ඇයට කී විට ඇය මට දිය හැකි ශ්‍රේෂ්ඨතම ත්‍යාගය මට දුන්නාය. ඒ මාගේ පළමු බයිබලයයි. "බයිබලය කියවා යාච්ඤා කර උන්වහන්සේව විශ්වාස කර කීකරුවී උන්වහන්සේට ළංවී ආත්මිකව වර්ධනය වන්න" කියා ඇය මට කීවාය. දෙවියන්වහන්සේව වඩාත් හොඳින් දැන…

මැවුම්කරුවාණෝ සහ නඩත්තුකරුවාණෝ

කුඩා දේ විශාල කරන අන්වික්‍ෂයක් සහ අඬුවලින් ක‍්‍රියා කරමින් ස්විට්සර්ලන්ත ඔරලෝසු කාර්මික පිලිප්පේ කුඩා කොටස් ගළවා පවිත‍්‍රකර විශේෂ ඔරලෝසුවල කුඩා අංශු නැවත සවි කරන ආකාරය මට පැහැදිලි ලෙස විස්තර කළේය. සියලු සංකීර්ණ කොටස් දෙස බලමින් පිලිප්පේ ඔරලෝසුවක අත්‍යවශ්‍ය කොටස් මට පෙන්වීය. සෑම කොටසක්ම ඉදිරියට තල්ලුකරන උපකරණය ප‍්‍රධාන දුන්නය. එය නැතිනම් හොඳටම සැළසුම් කළ ඔරලෝසුවක් පවා ක‍්‍රියාත්මක වන්නේ නැත.

හෙබ්‍රෙව් පොතේ…

දීප්තිමත් එළි

අප සභාවේ කණ්ඩායමක් විසින් 2015 ග‍්‍රීෂ්ම සෘතුවේදී කෙන්යාවේ නයිරෝබි හී පැල්පත් වලින් යුත් පෙදෙසක දුටු දෙයින් යටහත්කමක් ලැබීමු. අපි මඩ පොළොවකින් යුත් පාසැලකට ගියෙමු. බිත්ති දිරාපු ටකරන්ය. ලී බංකුය. එවැනි අන්ත දුගී වටාපිටාවක එක් අයෙක් නැගී සිටියාය.

ඇයගේ නම බි‍්‍රලියන්ට්ය. ඒ නම ඇයට ඉතා හොඳින් ගැළපේ. ඇය පහළ පංතිවල ගුරුවරියකි. ඇයගේ දූතනය ඉදිරියට ගෙන යා හැකි අධිෂ්ඨානයක් සහ ප‍්‍රීතියක් ඇයට…

දෙවියන්වහන්සේ විසින් වටකර

කාර්ය බහුල ගුවන් තොටුපළක තරුණ මවක් තනියෙන් අරගලයක යෙදුණාය. ඇගේ කුඩා දරුවා මුරණ්ඩුව කෑ ගසමින් පයින් ගසමින් අහස් යානයට ගොඩවීම ප‍්‍රතික්‍ෂේප කළේය. ඇයට තවත් දරුවෙක් ලැබීමට ආසන්නව තිබුණි. ඇයට එය දරා ගැනීම අසීරු විය. තරුණ මව අවසානයේ උත්සාහය අත් හැරියාය. ඇයට සියල්ල එපා වී බිම ඉඳ ගත්තාය. මුහුණ වසා ගෙන හඬන්න පටන් ගත්තාය.

හදිසියේම කාන්තා ගුවන් මගීන් හය හත් දෙනෙක්…

මගේ පියා සිහිි කරමින්

මාගේ පිියා සිහි වන විට මට මතක් වන්නේ ඔහු වත්තේ මිටියෙන් ගසමින් වත්ත පවිත‍්‍ර කරමින් නැතිනම් ඔහුගේ වැඩ මඩුවේ විවිධ උපකරණ වලින් වැඩ කරන අයුරුය. ඔහුගේ දෑත් සෑම විටම යම් කාර්යයක හෝ ව්‍යාපෘතියක යෙදී තිබුණි. සමහර විට ගරාජයක් හෝ වේදිකාවක් හෝ කුරුළු කූඩුවක් හෝ ඔහු සාදයි. සමහර විට යකඩ වලින් වැඩක් කරයි. සමහර විට මාළ වළලු යනාදි ආභරණ හෝ කලා…