“වැළලූ වස්තුව”. එය දරුවන්ගේ කථාන්දරයක් වැනිය. නමුත් විකෘති කෝටිපති ෆොරස්ට් ෆෙන් ඩොලර් මිලියන දෙකක් වටිනා රන් බඩු පෙට්ටියක් රොකී කඳුකරයේ වළලා ඇති බවට කථාවක් ඇත. බොහෝ අය එය සොයා ගොස් ඇත. තවද සැඟවුනු වස්තුව සොයා ගොස් සිව් දෙනෙකු මිය ගොස්ද ඇත.

හිතෝපදේශ කර්තෘ නැවතී සිතීමට දෙයක් ඉතිරිකර තිබේ. එවැනි සෙවීමක් කිරීමට වටිනා වෙන යමක් තිබේද? හිතෝපදේශ 4 හි යහපත් ජීවිතය හුරු කිරීමට තම පුත‍්‍රයන්ට ලියන පියෙකු පවසන්නේ ප‍්‍රඥාව ඕනැම මිළයක් ගෙවා සෙවිය යුතු දෙයක් කියාය (7 පදය). ඔහු කියන ලෙසට ප‍්‍රඥාව අපව ජීවිතය තුළින් ගෙන යන්නේය. අපව වැටීමෙන් වළක්වන්නේය. අපව ගෞරවයෙන් සරසන්නේය (8-12 පද). යේසුස්වහන්සේගේ එක් ගෝලයෙක් වන යාකොබ්ද වසර ගණනාවකට පසුව ලීවේ ප‍්‍රඥාවේ වැදගත්කමය. “නමුත් ඉහළින් පැමිණෙන ප‍්‍රඥාව පළමුකොට පිරිසිදුව, ඊළඟට සමාදානව, ඉවසිලිවන්තව, යටහත්ව දයාවෙනුත් යහපත් ඵලවලිනුත් පූර්ණව අපක්‍ෂවාදීව අවංකව තිබේ” (යාකොබ් 3:17) යනුවෙනි. අපි ප‍්‍රඥාව සොයන විට අපගේ ජීවිත සැම ආකාරයකම යහපත් දෙයින් පිරී යන බව අපි දකින්නෙමු.

ප‍්‍රඥාව සෙවිමෙන් අවසානයේ අපි සොයන්නේ සියලූ ප‍්‍රඥාවේ සහ දැන ගැන්මේ මූලාශ‍්‍රය වන දෙවියන් වහන්සේවය. ඉහළින් පැමිණෙන ප‍්‍රඥාව අපට කිසි දිනෙක සිතාගත නොහැකි වැළලුනු වස්තුවටත් වඩා වටින්නේය.