සියු ෆෙන් තමාට වකුගඩු අකර්මණ්‍යතාවයක් ඇතිවෙන බවත් ඉතිරි ජීවිතය පුරාවට විටින් විට රුධිරය මාරුකිරීම් අවශ්‍ය බවත් දැන ගත් විට දැන් ජීවත් වුනා ඇති යයි ඇයට සිතුණි. විශ‍්‍රාමික වූ අවිවාහකවූ දීර්ඝ කාලක් යේසුස් වහන්සේ විශ්වාස කරමින් සිටි ඇයට ජීවිතය දිග්ගැස්සීමට අවශ්‍ය නැතැයි සිතුණි. නමුත් මිතුරෝ ඇයට කීවේ අල්ලා ගෙන සිටින මෙන්ය. ප‍්‍රතිකර්මවලට ගොස් දෙවියන්වහන්සේ විශ්වාස කිරීමටය.

වසර දෙකකට පසු ඇයගේ අත්දැකීම් ක‍්‍රියාත්මක වන බව ඇයට දැණුනි. ඒ ඇයගේ සභාවට පැමිණි අසාධ්‍ය රෝගියෙකු බැලීමට ගිය විටය. බොහෝ දෙනෙකුට එම රෝගියාගේ තත්ත්වය තේරුම් ගැනීමට නොහැකි වූ නිසා එම රෝගියාට තමා තනිවී ඇතැයි සිතුණි. නමුත් සියු ෆෑන්ට රෝගියාගේ ශාරිරික තත්ත්වය සහ හැඟීම් තේරුම් ගැනීමට හැකි විය. පුද්ගලිකව ඇයට ළංවීමට සියු ෆෙන්ට හැකි වුනි. අන් අයට දිය නොහැකි විශේෂ සැළකිල්ලක් දීමටද ඇයට පුළුවන් විය. “තවමත් මාව භාවිතා කිරීමට දෙවියන්වහන්සේට පුළුවන් බව දැන් මට පේනවා” ඇය කීවාය.

අප වේදනා විඳින්නේ ඇයි කියා තේරුම් ගැනීම අසීරු විය හැකිය. නමුත් අප නොසිතන ලෙස අපගේ පීඩාව යහපත පිණිස භාවිතා කිරීමට දෙවියන්වහන්සේට පුළුවන. පරීක්‍ෂාවන් මධ්‍යයෙහි සහනය සහ පේ‍්‍රමය පතා අප උන්වහන්සේට ළංවන විට අනුන්ට උපකාර කිරීමට එය අප බලගන්වන්නේය තම වේදනාවේ පරමාර්ථය පාවුල් තුමා දැකීම පුදුමයක් නොවේ. දෙවියන්වහන්සේගේ සහනය ලබා ගැනීමට එය ඔහුට අවස්ථාවක් දුන්නේය. අන් අයට ආශිර්වාද කිරීමට එය ඔහුට උපකාරී විය (2 කොරින්ති 1:3-5). අපට වේදනාව සහ පීඩාව නැතැයි කීම අපගෙන් බලාපොරොත්තු නොවේ. එය යහපතට භාවිතා කිරීමට දෙවියන්වහන්සේට ඇති හැකියාව ගැන අපට සතුටු විය හැකිය.