ඇය උඩ රාක්කය දෙසට ඇස් යොමු කර ගෙන සිටියාය. ස්පැගටි සෝස් පිරවු බෝතල් වලින් එය පිරී තිබුණි. මමද ඇය අසල එම රාක්කය දෙස විනාඩියක් හෝ දෙකක් බලා සිටියෙමි. තීරණයක් ගැනීමට කල් ගත්තෙමි. නමුත් ඇයට මා සිටිනවා යයි කිසි හැඟීමක් නොතිබුණි. ඇය තම සිතුවිලි අතර අතරමංව සිටියාය. මට උස රාක්ක ගැන ගැටළුවක් නැත. ඊට හේතුව මම උස කෙනෙක් නිසාය. නමුත් අනිත් අතින් ඇය උස නැත. කොහෙත්ම උස නැත. ඇයට උදව් අවශ්‍යදැයි ඇසීමි. ඇය පුදුම වී “මම ඔයාව දැක්කේ නැහැ. ඔව්. කරුණාකර මට උදව් කරන්න” යයි කීවාය.

ගෝලයන්ටත් එවැනි තත්ත්වයක් උදාවිය. සාගින්නෙන් පෙළුණු සෙනග, කාන්තාර ස්ථානයක්ය, දැන් වේලාවද ඉක්ම ගොස් තිබේ. සමුහයා ගම්වලට ගෙස් තමුන්ට කෑම මිළදී ගන්නා පිණිස යැවුව මැනවයි කීවෝය (මතෙව් 14:15). නමුත් යේසුස්වහන්සේ ඔවුන්ට සෙනඟ ගැන බලන්න යයි අභියෝගයක් දුන් විට ඔවුන් ප‍්‍රතිචාර දක්වූයේ “අපට මෙහි ඇත්තේ…..” (17 පදය0 යනුවෙනි. ඔවුන් දැන සිටියේ ඔවුන්ගේ අඩු පාඩුව පමණි. නමුත් ඔවුන් අසළින්ම යේසුස්වහන්සේ සිටි සේක. උන්වහන්සේ රොටී වැඩි කළ තැනැත්තාණන් පමණක් නොව උන්වහන්සේ ජීවනදායක රොටීද වන්නේය.

අපි අපේම අභියෝගයන් තුළ දැඩි ලෙස වෙළී බොහෝ විට සීමාසහිත දැක්මකින් අපේ ශක්තියෙන් ඒවාට මුහුණ දෙමින් සිටින විට නැවත උත්ථානවු ක‍්‍රිස්තුස්වහන්සේගේ අභිමුඛය අපට අමතක වේ. දුෂ්කර කඳුකරයක සිට වෙළඳ සැළේ රාක්ක දක්වාත් ඒ අතර සෑම තනැමත් උන්වහන්සේ එම්මානුවෙල්ය – දෙවියන්වහන්සේ අප සමගය. කරදරයේදී අප සමග සෑම විටම ඉන්නා සේක.