මාගේ මිතුරාගේ මුහුණු පොතෙහි දැක්වූයේ ඔහුගේ ව්‍යාපෘතිය අවසන් බවය. සමහරු ඔහුට ශුභ පැතුවෝය. නමුත් ඔහුගේ රචනාව මාගේ සිතට පිහියෙන් ඇන්නාක් මෙන් විය. එම ව්‍යාපෘතිය මාගේ විය යුතු එකකි. මාව ගණන් නොගෙන තිබුණි. හේතුව මම නොදනිමි.

අහිංසක යෝසෙප්. දෙවියන්වහන්සේ ඔහුව තෝරා නොගත් සේක. ඇයි කියා ඔහු දැන සිටියේය. යෝසෙප් යුදාස් වෙනුවට තෝරා ගත් අයෙකි. ගෝලයෝ යාච්ඤා කළහ. “ස්වාමිනී, සියල්ලන්ගේ සිත් දන්නාවූ ස්වාමින්වහන්ස…. ඔබ විසින් තෝරා ගත් තැනැත්තා පෙන්නුව මැනව” (ක‍්‍රියා 1:24). දෙවියන්වහන්සේ අවශ්‍ය කෙනා තෝරා ගත් සේක. එවිට තීරණය කණ්ඩායමට දැනුම් දෙන ලදී . “පස ඇටය මත්තියස්ට වැටුණි” (26 පදය).

මත්තියස්ට ගෝලයෝ ශුභ පතන්න ඇති. යෝසෙප් ගැන මම කල්පනා කරමි. ප‍්‍රතික්‍ෂේපයට ඔහු මුහුණ දුන්නේ කෙසේද? ඔහුව අතහැරියා යයි සිතෙන්නට ඇද්ද? නැතිනම් දෙවියන්වහන්සේ විශ්වාස කර අන් අයට සහයෝගය දෙන්න ඇද්ද?

හොඳ විකල්පය කුමක්දැයි මම දනිමි. මා ගත යුතු විකල්පයද දනිමි. කොතරම් ලැජ්ජාවක්ද! ඔබට මාව එපා නම් කමක් නැහැ. මම නැතුව කරන්නේ කොහොමද කියලා බලමු. එම තීරණය හොඳ යයි සිතිය හැකිය. එසේ වන්නේ එය ආත්මාර්ථකාමී නිසාය.

යෝසෙප් ගැන ඉන්පසු බයිබලයේ සඳහන් නොවේ. ඒහෙයින් ඔහුගේ ප‍්‍රතිචාරය අප දන්නේ නැත. නමුත් වඩා වැදගත් වන්නේ අප තෝරා නොගත් විට අප ප‍්‍රතිචාරය දක්වන ආකාරයයි. යේසුස්වහන්සේගේ රාජ්‍යය අපගේ සාර්ථකත්වයට වඩා වටිනා බව අපි තේරුම් ගනිමු. අපට දෙන ඕනැම භූමිකාවක් ප‍්‍රීතියෙන් ක‍්‍රියාත්මක කරමු.