1995 දී එක්සත් ජනපද කොටස් වෙළඳ පොළ ආයෝජකයන්ට වාර්තාගත ලාභ ලැබුණි. සාමාන්‍ය වශයෙන් ඩොලරයකට 37.6 ක ප‍්‍රතිශතයකි. නමුත් 2008 දී ආයෝජකයන් ඊට සමානව සියයට 37 ක ප‍්‍රතිශතයක් පාඩු ලැබුවෝය. වෙළඳ පොළේ මුදල් ආයෝජනය කළ අයට සමහර විට බියක් ඇතිවුණි. ඒ ඔවුන්ගේ ආයෝජන වලට කුමක්වේද කියාය.

ඔවුන්ගේ ජීවිත උන්වහන්සේ තුළ ආයෝජනය කරන අයට විශ්මිත ලාභයක් ලැබෙන බව යේසුස්වහන්සේ තම අනුගාමිකයන්ට කීවෝය. ඔව්හු උන්වහන්සේ අනුගමනය කිරීම පිණිස සියල්ල එනම් ඔවුන්ගේ නිවාස රැකියා තත්ත්වයන් සහ පවුල අත් හැරියේ තම ජීවිත ආයෝජනය කරන පිණිසය (28 පදය). නමුත් වස්තු කාරයෙකු ලෞකික වස්තුවේ ග‍්‍රහණයෙන් මිදීමට උත්සාහ කරද්දී තම ආයෝජන ගැන ඔව්හු සැක සිතූහ. යේසුස්වහන්සේ පිළිතුරු දුන්නේ උන්වහන්සේට පූජාවන අයට “මේ යුගයේ සියගුණයක්ද එන්නාවූ ජීවිතයේ සදාකාලික ජීවනයද” (30 පදය) ලැබෙන බවය. එය මොනම කොටස් වෙළඳ පොළකටවත් වඩා හොඳ අයෝජනයකි.

අපට ආත්මික ආයෝජන වල පොලී අනුපාතය ගැන කරදර වීමට හේතුවක් නැත. දෙවියන්වහන්සේ සමග එය සමාන කළ හැකි සත්‍යතාවයකි. මුදල්වලින් නම් අපගේ ඉලක්කය අපගේ ආයෝජනයට වැඩිම ලාභය ගැනීමය. දෙවියන්වහන්සේ සමග අප ලබා ගන්නා දෙය ගණන් බලන්නේ ඩොලර්වලින් නොවේ. උන්වහන්සේව දැනටත් සදාකාලයටත් දැන සිටීම නැමැති කාරණයෙන්ද එම ප‍්‍රීතිය අන් අය සමග බෙදා ගැනීමෙන්ද ලැබෙන ප‍්‍රීතියෙනි.