වසර කිහිපයකට පෙර විශ්ව විද්‍යාලයක පීඨාධිපතිවරියක් තම සිසුන්ට “බලය අඩුකිරීමේ” සන්ධ්‍යාවකට සහභාගී වන්න යයි කීවාය. සිසුන් කැමති වුවද තම දුරකථන පසෙක තබා දේව ගෘහයට ඇතුල් වූයේ අදිමදි කරමිනි. ඊළඟ පැයේදී ඔවුහු නිශ්චලව සංගීතයෙන් සහ යාච්ඤාවෙන් කාලය ගත කළහ. සහභාගී වූ එක් අයෙකු පසුව සඳහන් කළේ ”නිශ්චලවීමට අනර්ඝ අවස්ථාවක්… අනවශ්‍ය ශබ්දය ඉවත් කිරීමේ ස්ථානයක්” කියාය.

සමහර විට වැඩිපුර ශබ්දයෙන් ගැළවීම අසීරුය. අපගේ අභ්‍යන්තර සහ පිටස්තර ඝෝෂාව කන් බිහිරි කරවන සුළුය. නමුත් අපි “බලය අඩුකර ගැනීමට” කැමති වන විට ගීතිකාකරු අපට මතක් කර දෙන ආකාරයට දෙවියන්වහන්සේ ගැන ගැනීම පිණිස නිශ්චලවීමේ අවශ්‍යතාවය අපි අවබෝධ කර ගනිමු (ගීතාවලිය 46:10). 1 රාජාවලිය 19 හි අනාගතවක්තෘ එලියා ස්වාමින්වහන්සේ සොයන විට උන්වහන්සේ තද සුළෙඟ් හෝ භූමිකම්පාවේ හෝ ගින්නෙහි හෝ නොසිටී සේක (9-13පද). ඒ වෙනුවට එලියාට දෙවියන්වහන්සේගේ නිශ්චල හඬ ඇසුණි (12 පදය).

සැමරීම්වලදී මිතුරන් සහ පවුල් එකතු වූ විට අමතර ශබ්දය ස්ථිරය. එය උද්යෝගිමත් කථා, වැඩිපුර ආහාර, දඟකාර සිනහා සහ පේ‍්‍රමයේ මිහිරි ප‍්‍රදර්ශන වල කාලයකි. නමුත් අපි නිශ්චලව අපගේ සිත් විවෘත කළ විට දෙවියන්වහන්සේ සමග කාලය වඩාත් මිහිරි බව අපට පෙනේ. එලියාට මෙන් බොහෝ විට නිශ්චලතාවයේදී ස්වාමින්වහන්සේ අපට මුණ ගැසිය හැකිය. සමහර විට අපි ඇහුම්කන් දෙන්නේ නම් අපටද එම නිශ්චල හඬ ඇසෙනු ඇත.