මාගේ මිතුරන් මොල්ඩෝවාහි කාලයක් ජීවත් වූහ. මෝල්ඩෝවා යුරෝපයේ දුප්පත්ම රටවලින් එකකි. ඔවුන්ට එහිදී ලැබුණු පිළිගැනීම විශේ්ෂයෙන් අනෙක් කිතුණුවන්ගෙන් ලැබුණු පිළිගැනීම ගැන ඔවුහු විශ්මයට පත්වූහ. වරක් ඔවුහු අඳුම් සහ සහල් යනාදිය සභාවේ දුගී පවුලකට ගෙන ගියෝ්ය. දුගී වුවත් එම පවුල දරුවන් කිහිප දෙනෙකුව හදා වඩා ගත්හ. එම පවුල මාගේ මිතුරන්ට ඉතා ඉහළින් සැළකූහ. මගේ මිතුරන් ප‍්‍රතික්‍ෂේප කරද්දී පවා රසකැවිලි වලින් සහ කෑමට යමක් සපයමින් ඔවුන්ට ගරු කළහ. මාගේ මිතුරෝ කොමඩු සහ අනිකුත් එළවලු සහ තවත් තෑගි සමග පිටත් වෙද්දී ඔවුන්ට ලැබුණු විශාල ආගන්තුක සත්කාරය ගැන විශ්මයට පත්වූහ.

මේ ඇදහිලිවතුන් දෙවියන්වහන්සේ උන්වහන්සේගේ ඉශ‍්‍රායෙල් සෙනගට ආඥා කළ පිළිගැනීම ප‍්‍රදර්ශනය කළහ. උන්වහන්සේ ඔවුන්ට උපදෙස් දුන්නේ “උන්වහන්සේගේ සියලු මාර්ගවල හැසිරෙන්න. උන්වහන්සේට පේ‍්‍රම කරන්න. නුඹේ දෙවිවු ස්වාමින්වහන්සේට නුඹේ මුළු සිතින්ද නුඹේ මුළු ආත්මයෙන්ද සේවය කරන්න” (ද්වීථිය කථාව 10:12) යනුවෙනි. ඉශ‍්‍රායෙල්වරු එලෙස ජීවත්වන්නේ කෙසේද? පිළිතුර ඊට පද කිහිපයකට පසු පැමිණේ. “විදේශියාට පේ‍්‍රම කරන්න. මක්නිසාද නුඹලා මිසර දේශයෙහි විදේශියෝව සිටියහුය” (19 පදය) කියාය. විදේශීන් පිළිගැනීමෙන් ඔවුන් දෙවියන්වහන්සේට සේවය කරනු ඇත. ගෞරව කරනු ඇත. ඔවුන්ට පේ‍්‍රමය සහ සැළකිල්ල දැක්වීමෙන් ඔවුන් උන්වහන්සේ කෙරෙහි ඇති විශ්වාසය පෙන්වනු ඇත.

අපගේ අවස්ථාවන් මොල්ඩෝවන්ගෙන් හෝ ඊශ‍්‍රායෙල්වරුන්ගෙන් වෙනස් වනු ඇත. නමුත් අනික් අය පිළිගැනීමෙන් දෙවියන්වහන්සේට අප තුළ ඇති පේ‍්‍රමය පෙන්විය හැකිය. අපගේ නිවාස විවෘත කිරීමෙන් අපට හමුවන අපට සිනහවක් පෑමෙන් හෝ පාළු සිත් රිදුම් ඇති ලොවකට දෙවියන්වහන්සේගේ සැලකිල්ල ව්‍යාප්ත කිරීමට අපට පුළුවන.