1952 බෙරවාරි 18 වන දින විශාල කුණාටුවක් එස් එස් පෙන්ඩල්ටන් නම් නෞකාව මැසචුසේට්ස් වරායට සැතපුම් 10 ක් එහායින් කැබලි දෙකකට වෙන් කළේය. විශාල කුණාටු සහ රැළි අතර ගිලෙමින් තිබු නෞකාවේ එක් කොටසක නැවියෝ 40 ක් පමණ සිරවී සිටියහ.

ඛේදවාචකය ගැන මැසටුසේට්ස් චැතම්හී තිබු වෙරළ ආරක්‍ෂක බළ ඇණියකට ආරංචි වූ විට ආරක්‍ෂක භට බර්නි වෙබර් ජීවිතාරක්‍ෂක බෝට්ටුවක තිදෙනෙක් සමග සිරවී සිටි නැවියන් ගළවා ගැනීමට පිටත්විය. ඔවුහු අසීරු බාධා මධ්‍යයෙහි සිිරවී සිටි නැවියන් තිස්දෙනෙකු ආරක්‍ෂිත ස්ථානයකට ගෙන ආහ. ඔවුන්ගේ ධෛර්යවන්ත ක‍්‍රියාව එක්සත් ජනපද ආරක්‍ෂක භට ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ක‍්‍රියාව විය. 2016 දී එය “හොඳම පැය කිහිපය” යන චිත‍්‍රපටියට පාදක වුනි.

ලූක් 19:10 හි යේසුස්වහන්සේ තමන්වහන්සේගේ ගැළවීමේ කාර්යය විස්තර කළ සේක. “මනුෂ්‍ය පුත‍්‍රයා නැති වූ දේ සොයන්නටද ගළවාගන්ටද ආයේයයි කී සේක”. කුරුසිය සහ නැවත නැගිටීම ගැළවීමේ පරම ප‍්‍රකාශය විය. යේසුස්වහන්සේ අපගේ පාප ගෙන උන්වහන්සේව විශ්වාස කරන සියලු දෙනා පියාණන්ට භාර කළ සේක. වසර 2000 ක් තිස්සේ සෙනග උන්වහන්සේ දෙන බහුල ජීවිතය සහ උන්වහන්සේ සමග සදාකාල ජීවනය වැළඳ ගත්හ. “උන්වහන්සේ ගළවාගත් සේක”

යේසුස්වහන්සේගේ අනුගාමිකයන් ලෙස ශුද්ධාත්මයාණන්ගේ උපකාරය සමග අපට ඇති වරප‍්‍රසාදය නම් සෑම දෙනාගේම ගැළවීමේ ශ්‍රේෂ්ඨතම මෙහෙයුමට අපගේ ගැළවුම්කරුවාණන් සහ සම්බන්ධ වීමය. ඔබගේ ජීවිතයේ ගැළවීමේ පේ‍්‍රමය අවශ්‍ය කාටද?