පැන්සල් මකනය සොයා ගත් බි‍්‍රතාන්‍ය ඉන්ජිනේරුවෙකු වු එඩ්වඩ් නයිර්නේ පාන් වාටියක් සොයමින් සිටියේය. 1770 දී කොළවල ලකුණු මකා දැමීම පිණිස පාන් වාටි භාවිතා කරන ලදී. ඔහු වැරදීමකින් රබර් කෑල්ලක් අතට ගත්තේය. නයිර්නේ දුටුවේ එය තම වැරැද්ද මකා දැමු බවත් අතෙන් ඉතා පහසුවෙන් රබර් රොඩු ඉවත් කළ හැකි බවත්ය.

අපගේ ජීවිතයේ දරුණුම වැරදිද මැකිය හැකිය. ඒ ස්වාමින්වහන්සේටය. උන්වහන්සේ අපගේ ජීවන රොටියයි. අපගේ පාප නැවත මතක් නොකිරීමට පොරොන්දු වෙමින් උන්වහන්සේ තම ජීවිතයෙන් අපගේ පාප මකා දමන සේක. “මම,මමම මා නිසා නුඹේ පාපවල් සිහි නොකොට නුඹේ වරද මකා දමන තැනන්වහන්සේය” (යෙසායා 43:25) “නුඹේ පාප නැවත සිහි නොකරමි”.

මෙය අනර්ඝ අලුත් වැඩියාවක් සේ පෙනේ. එයට අප සුදුසු නැත. අපගේ අතීත පාප පාන්දර මීදුම මෙන් නැති කර දැමීමට දෙවියන්වහන්සේට හැකියයි බොහෝ දෙනෙකුට සිතීම අසීරුය. සෑම දෙයක්ම දන්නා දෙවියන්වහන්සේ ඒවා එතරම් ඉක්මණින් අමතක කරයිද?

අපි යේසුස්වහන්සේ අපගේ ගැලවුම්කරුවාණන් ලෙස පිළිගත් විට දෙවියන්වහන්සේ ඒ දෙය එලෙසම කරන සේක. අපගේ පාප පහකර ඒවා නැවත සිහි නොකිරීමට පොරොන්දු වන සේක. අපගේ ස්වර්ගීය පියාණෝ අප නිදහස් කරන්නේ අපට ඉදිරියට යාමටය. පසුගිය පාපවලින් තවත් පසුපසට අදින්නේ නැත. අබලි කැබලිවලින් අපි නිදහස් කර අදත් සදාකාලයටත් සේවය කිරීමට අපව පවිත‍්‍ර කර ඇත.

එසේය. ප‍්‍රතිඵල තිබෙනු ඇත. නමුත් අපගේ නව පවිත‍්‍ර ජීවිතය තුළින් උන්වහන්සේ වෙතට හැරී එන ලෙසට ආරාධනා කරමින් දෙවියන්වහන්සේ අපගේ පාප මකා දමන සේක. මැකී යාමට ඊට වඩා හොඳ ක‍්‍රමයක් තවත් නැත.