1989 සිට කීත් වසර්මන් වසරකට දින කිහිපයක් පාරේ සිටිමට තෝරා ගෙන ඇත. ඒ පේ‍්‍රමයෙන් සහ අනුකම්පාවෙන් වර්ධනය වන පිණිසය. “මා පාරේ ජීවත් වීමට යන්නේ නිවාස නැති අය ගැන මාගේ දැක්ම සහ අවබෝධය වැඩිකර ගන්නයි” කියා ගුඩ් වර්ක්ස් ආයතනයේ විධායක අධ්‍යක්‍ෂක කීත් පවසයි.

ඔහු සේවය කරන අය අතරෙන් කෙනෙක් වීමට කීත් දරණ වෑයම යේසුස්වහන්සේ අපට කළ දෙය පිළිබඳ කුඩා චිත‍්‍රයක් යයි මට සිතේ. විශ්වයේ මැවුම්කරුවාණන් වන දෙවියන්වහන්සේ අවදානමක සිටි ළදරුවෙක්ගේ තත්ත්වයට පත්වී මනුෂ්‍යයෙක් ලෙස ජීවත් වී අප අත්දුටු දේවල් අත්විඳ අපට දෙවියන්වහන්සේ සමග සම්බන්ධතාවයකට යා හැකි වන පිණිස මනුෂ්‍යයන් අතින් මිය යාමට තීරණය කළ සේක.

හෙබ්‍රෙව් පොතේ කර්තෘ “උන්වහන්සේත් ඒ ආකාරයෙන් (මනුෂ්‍යත්වයට) පංගුකාරයෙක් වූ සේක. එසේ කළේ මරණය කෙරෙහි බලය ඇත්තා වන යක්‍ෂයාට මරණය කරණකොට ගෙන බල නැති කිරීම පිණිසය” (2:14). යේසුස්වහන්සේ මැවුම්කරුවාණන් වුවද උන්වහන්සේව දේවදුතයන්ට වඩා පහත් කරන ලදී (9 පදය). උන්වහන්සේ අමරණීය වුවත් උන්වහන්සේ මනුෂ්‍යයෙක් වී මිය ගිය සේක. උන්වහන්සේ සියලු බලයෙහි දෙවියන්වහන්සේ වුවත් අප වෙනුවෙන් වධ වින්ද සේක. උන්වහන්සේ එසේ කළ යුතු වූයේ ඇයි? ඒ අප පරීක්‍ෂා තුළින් යන විට අපට උපකර කිරීමටත් අප සහ දෙවියන්වහන්සේ අතර සමගිය ගෙන එන පිණිසත්ය (17-18 පද).

උන්වහන්සේ අපගේ මිනිස්කම ගැන තේරුම්ගෙන ඇති බව සහ එසේම දැනටමත් පාපයෙන් පවිත‍්‍රවීමේ මාර්ගය අපට සපයා දී ඇති බව දැන ගෙන අද අපි උන්වහන්සේගේ පේ‍්‍රමය අත් දකිමු.