රූපවාහිනි වැඩ සටහනක වැඩිහිටි යෞවනයන්, යෞවනයන්ගේ ජීවිත තේරුම් ගැනීම පිණිස උසස් විදුහල් සිසුන් මෙන් ක‍්‍රියා කළෝය. යෞවනයන්ගේ වටිනාකම මැනීමට සමාජ මාධ්‍යය ප‍්‍රධාන භූමිකාවක් ක‍්‍රියාත්මක කරන බව ඔව්හු සොයා ගත්තෝය. එක් සාමාජිකයෙක් නිිරීක්‍ෂණය කළේ සිසුන්ගේ ස්වවටිනාකම සමාජ මාධ්‍යයට බැඳී තිබුණු බවය. යම් ඡායාරූපයකට කෙතරම් “ලයික්ස්” ලැබෙන්නේද යන්න මත එය යැපුණි. අන් අය අපව පිළිගැනීමේ අවශ්‍යතාවය හේතුකොට ගෙන තරුණ ජනතාව අන්තර් ජාලයෙහි හැසිරීම් ක‍්‍රියාවේ අන්තයටම යති.

අන් අය අපව පිළිගැනීමේ අවශ්‍යතාවය එදා සිටම පැවතිණ. උත්පත්ති 29 හි ලෙයා තම ස්වාමිපුරුෂයා වන යාකොබ්ගේ පේ‍්‍රමයට දැඩි ආශාවක් දැක්වූවාය. එය ඇයගේ පළමු පුත‍්‍රයන් තුන් දෙනාගේ නම්වලින් එළිදරව් විය. පළමු නම් තුන ඇගේ පාළුව පිළිබිඹු කළෝය (31-34 පද). නමුත් කණගාටුදායක ලෙස යාකොබ් ඇය ඉල්ලා සිටි ආදරය දුන් බවට ඉඟියක් එහි නැත.

ඇයගේ හතරවන දරුවාගේ උපතින් පසුව තම ස්වාමිපුරුෂයා වෙත නොහැරී ඇය දෙවියන්වහන්සේ වෙත හැරුණාය. ඇය යූදා ලෙස ඔහුට නම් තැබීය. එහි අර්ථය “ප‍්‍රශංසාවය” (35 පදය). අවසානයේදී ලෙයාට තම වටිනාකම දෙවියන්වහන්සේගෙන් ලැබුණි. ඇය දෙවියන්වහන්සේගේ ගැළවීමේ කථාවේ කොටසක් බවට පත්විය. යූදා, දාවිත්ගේද පසුව යේසුස්වහන්සේගේද මීමුත්තෙකු බවට පත්විය.

අපගේ වටිනාකම බොහෝ මාර්ගවල සහ දේවල්වල අපට සෙවිය හැකිය. නමුත් දෙවියන්වහන්සේගේ දරුවන් ලෙස අපට අනන්‍යතාවය සෙවිය හැක්කේ යේසුස්වහන්සේ තුළ පමණි. එනම් ක‍්‍රිස්තුස්වහන්සේ තුළ හවුල් උරුමක්කාරයින් ලෙසය. එසේම ස්වර්ගීය පියාණන් සමග සදහටම ජීවත්වන්නවුන් ලෙසය. පාවුල් ලිවු ලෙස මෙලොව කිසිම දෙයක් “යේසුස්වහන්සේ ඇඳින ගැනීමේ උතුම්කම” තරම් වටින්නේ නැත.