වාණිජ ලෝකයේ වැඩ කිරීමේදී මට බොහෝ තලෙන්ත ඇති සමතුලිත ආකල්ප තිබෙන සෙනග සමග සේවය කිරීමට හැකි විය. කෙසේ වෙතත් නගරයක අධික්‍ෂක කෙනෙකු සමග වැඩ කිරීමට ලැබීම එහි වෙනසක් ඇති කළේය. අපගේ කණ්ඩායමේ ප‍්‍රගතිය ගණන් නොගෙන මේ කළමණාකරු අපගේ වැඩ තදින් විවේචනය කළේය. එසේම සතිපතා නිල දුරකථන ඇමතුමේදී අපගේ වැඩ මදි යයි ඔහු කීවේය. මේ දිවිල්ල මට බියක්ද කලකිරීමක්ද ගෙන දුන්නේය. මට අස්වීමට අවශ්‍ය විය.

අන්ධකාර වසංගත කාලයේදී ඵාරාවෝ හමුවූ විට මෝසෙස්ටද අත්හරින්න සිතෙන්න ඇති. දෙවියන්වහන්සේ දරුණු වසංගත අටක් ඉන් පෙර එවා තිබුණි. ඵාරාවෝ අන්තිමට මොර ගැසුවේ (මෝසෙස්) “මට නොපෙනී පලයන්! මගේ මුහුණ නොදකින්න. දැක්කොත් නුඹ නසින්නෙහිය” (උත්පත්ති 10:28) කියාය.

මේ තර්ජනය මධ්‍යයේ වුවද ඉශ‍්‍රායෙලවරු මුදන්නට දෙවියන්වහන්සේ මෝසෙස්ව භාවිතා කළ සේක. “ඇදහිල්ලෙන්, ඔහු රජුගේ උදහසට භය නොවී, මිසරය අත්හැර ගියේය. මක්නිසාද අදෘශ්‍යමාන තැනන්වහන්සේ දකින්නාක්මෙන් ඔහු ස්ථිරව සිටියේය” (හෙබ්‍රෙව් 11:27). මෝසෙස් ඵාරාවෝ පරාජය කළේ දෙවියන්වහන්සේ තමන්ගේ මිදීමේ පොරොන්දුව ඉෂ්ට කරන බව විශ්වාස කරමිනි (නික්මයාම 3:17).

අද සෑම අවස්ථාවකදීම ශුද්ධාත්මය කරණකොට ගෙන අපට උපකාර කරමින් දෙවියන්වහන්සේ අප සමග ඉන්නා බවට දී ඇති පොරොන්දුව මත අපට යැපිය හැකිය. උන්වහන්සේ තැතිගැන්මේ පීඩාවට සහ ඊට දක්වන වැරදි ප‍්‍රතිචාරයට විරුද්ධව සිටීමට අපට උපකාර කරන සේක. ඒ අධිස්වාභාවික බලය පේ‍්‍රමය සහ ස්වපාලනයට හැකියාව දෙමිනි (2 තිමෝති 1:7). ඉදිරියට ගොස් අපගේ ජීවිතයට ඇති දෙවියන්වහන්සේගේ මග පෙන්වීම අනුගමනය කිරීමට ධෛර්යය ආත්මයාණන් සපයන සේක.