ඉතිහාසගත වන වාර්තාවක් පෙනි පෙනී, අයෝවා විශ්වවිද්‍යාලයේ පැසිපන්දු තරුවක් වන, ජොර්දාන් බොහොනොන් උවමනාවෙන් නිදහස් පහරක් මග හැරියේය. එය ඉලක්කයට දැමුවා නම් වසර විසි පහක වාර්තාවක් බිඳෙනු ඇත. ඒ ඇයි? 1993 දී ක‍්‍රිස් ස්ටී‍්‍රට් නිදහස් පහරවල් තිස් හතරක් ඉලක්කයට දමා දින කිහිපයකින් රිය අනතුරකින් මිය ගියේය. ස්ටී‍්‍රට්ගේ වාර්තාව නොබිඳ බොහොනොන් ගෞරවයෙන් ඔහු පිළිබඳ  මතකය ඉතිරි කළේය.

තම දියුණුවට වඩා වැදගත් දේවල් ගැන හොඳ අවබෝධයක් බොහොනොන් පෙන්වීය. තරුණ රණවිරු දාවිත්ගේ ජීවිතයේද එවැනිම වටිනාකමක් අපි දකිමු. ඔහුගේ පිළිවෙලක් නැති හමුදාව සමග ගුහාවක සැඟවී සිටින අතර තම ගමේ ළිඳෙන් වතුර ටිකක් බීමට දාවිත්ට ආශාවක් ඇති විය. නමුත් බියකරු පිලිස්තීනයෝ එහි පදිංචිව උන්නෝය (2 සාමුවෙල් 23:14-15).

සුවිශේෂී නිර්භීතකමක් පෙන්වා දාවිත්ගේ සොල්දාදුවෝ තුන් දෙනෙකු පිලිස්ති පළාතට ගොස් ළිඳේ ජලය දාවිත් වෙත ගෙනාවෝය. දාවිත්ට එය බීමට සිතුණේ නැත. ඒ වෙනුවට ඔහු එය බිමට හළා “තමන්ගේ ප‍්‍රාණය පවා නොසළකා ගිය මේ මනුෂ්‍යයන්ගේ රුධිරය බොන්ට යුතදැයි” (16-17 පද) කීවේය.

තමන්ට ගන්ට පුළුවන් දේ ගන්නා අයට සම්මාන දෙන ලෝකයක පේ‍්‍රමයේ සහ කැපවීමේ ක‍්‍රියාවන්ට කළ හැකි දේ බලන්න! ඒවා සංකේත වලට වඩා වැඩි දේවල්ය.