බොහෝ ජර්මානු සභා පාලකයෝ හිට්ලර්ට බිය වුවද දේවධර්මාචාර්ය සභා පාලක මාර්ටින් නීමොලර් නාසි වාදයට එරෙහිව සිටි අයගෙන් කෙනෙකි. 1970 දී වයසක ජර්මානු කණ්ඩායමක් හෝටයලක් ඉදිරිපිට සිටියෝය. තරුණයෙකු ඔවුන්ගේ ගමන් මලු එහේට මෙහේට ගෙන යමින් සිටියේය. කණ්ඩායම කවුරුන්දැයි යමෙකු ඇසීය. “ජර්මන් සභාපාලකයෝ” පිළිතුර ලැබුණි. “කව්ද අර තරුණයා”. “එයා මාර්ටින් නීමොලර්. එයාට අසූවයි. නමුත් ඔහු නීර්භිතව සිටින නිිසා තරුණයෙක්ව සිටියි”.

නීමෝලර් බියට එරෙහි වූයේ ඔහු තුළ අධිමානුෂ්‍යය බියට විරුද්ධ ජානයක් තිබූ නිසා නොවේ. දෙවියන්වහන්සේගේ අනුග‍්‍රහය නිසාය. එක් කාලයක් ඔහු තුළද යුදෙව් විරෝධි අදහස් තිබුණි. නමුත් ඔහු පසුතැවිලි විය. දෙවියන්වහන්සේ ඔහුව ප‍්‍රතිෂ්ඨාපනය කළ සේක. සත්‍යය කථා කිරීමටද ජීවත් වීමටද ඔහුට පුළුවන් විය.

බියට විරුද්ධවී සත්‍යයෙන් දෙවියන්වහන්සේ අනුගමණය කිරීමට මෝසෙස් ඉශ‍්‍රායෙල්වරුන්ව දිරිමත් කළේය. මෝසෙස්ව ඉක්මණින් ඔවුන්ගෙන් ඉවත් කර ගන්නා බව දැන ඔව්හු බිය වූහ. එවිට මෝසෙස් ඔවුන්ට දිරියේ වචනයක් දුන්නේය. “ශක්තිමත්ව ධෛර්යමත්ව සිටින්න. …. භය නොවන්න. තැති නොගනින්න. මක්නිසාද නුඹේ දෙවිවූ ස්වාමින්වහන්ම නුඹ සමග යන සේක” (ද්වීථියි කථාව 31:6). අවිනිශ්චිත අනාගතයක් ගැන වෙව්ලීමට ඔවුන්ට කිසිදු හේතුවක් නොවීය. දෙවියන්වහන්සේ ඔවුන් සමග වූ සේක.

කුමණ අන්ධකාරයක් ඔබ වටා පැතිරුණද කුමණ භයංකාරත්වයක් ඔබට පහර දුන්නද දෙවියන්වහන්සේ ඔබ සමගය. දෙවියන්වහන්සේ ඔබව අත් හරරින්නේ හෝ දමා යන්නේ හෝ නැතැයි යන දැනගැන්ම ඇතුව දෙවියන්වහන්සේගේ දයාවෙන්ම ඔබම ඔබගේ බියට මුහුණ දෙත්වා (6 සහ 8 පද).