මාගේ දුරකථන පණිවුඩය ගැනීමට නොහැකිවූ විට මගේ් මිතුරියගේ හඬ පටිය මට ආරාධනා කළේ පණිවුඩයක් තැබීමටය. හඬ පටිය සතුටින් අවසන් වූයේ “මෙය ශ්‍රේෂ්ඨ දිනයක් කර ගන්න” කියාය. මා ඇයගේ වචන ගැන නැවත සිතා බලන විට සෑම දිනයක්ම “ශ්‍රේෂ්ඨ” කිරීමට හැකියාවක් අප තුළ නැති බව මට සිතේ. සමහර සිදුවීම් ඛේදනීයය. නමුත් සමීපව බලන විට සෑම දෙයක්ම හොඳින් හෝ නරකින් හෝ සිදුවූවත් එම දිනය අලංකාර දිනයක් බව අපට පෙනී යනවා ඇත.

හබක්කුක් අත්දුටුවේ පහසු අවස්ථා නොවේ. අනාගතවක්තෘ කෙනෙකු ලෙස දෙවියන්වහන්සේ ඉදිරියෙහි එන්නාවු දවස් ගැන ඔහුට පෙන්වා තිබුණි. දෙවියන්වහන්සේගේ සෙනග යැපුණාවූ කිසිම භෝගයක් හෝ ගොවිපළක් හෝ සාර්ථක නොවනු අඇත (3:17). එන්නාවූ කාලයට මුහුණ දීමට ධනාත්මක චින්තනයක් පමණක් මදිවනු ඇත. ජන කොට්ඨාශයක් ලෙස ඉශ‍්‍රායෙලය දැඩි දරිද්‍රතාවයේ සිටිනු ඇත. හබක්කුක්ට සිත සැලෙන තොල් වෙව්ලන පාද චංචලවන බියක් දැණුනි (16 පදය).

එසේ වුවත් හබක්කුක් කීවේ “ස්වාමින්වහන්සේ තුළ සන්තෝෂ වන්නෙමි…. ප‍්‍රීති වන්නෙමි” (18 පදය) කියාය. අසීරු අවස්ථාවන්වලින් ගමන් කිරීමට ශක්තිය දෙන දෙවියන්වහන්සේ කෙරෙහි ඔහු බලාපොරොත්තුව තැබීය (19 පදය).

සමහර විට අපි ගැඹුරු වේදනා සහ අසීරුතා තුළින් යන්නෙමු. නමුත් අපට කුමක් නැති වුවද අවශ්‍ය වුවද කිසි දිනෙක නොලැබුණද අපට හබක්කුක් මෙන් පේ‍්‍රමණීය දෙවියන්වහන්සේ සමග අප තබා ඇති සම්බන්ධතාවය ගැන ප‍්‍රීති විය හැකිය. අපට කිසිවක් නැතැයි හැඟුණද උන්වහන්සේ අපව අත්හරින්නේ හෝ අමතක කරන්නේ හෝ නැත (හෙබ්‍රෙව් 13:5). දුක්වන අයට සපයන තැනැත්තාණෝ අපගේ ප‍්‍රීතියට පරම හේතුව වන්නේය (යෙසායා 61:3).