ඇයගේ නම දිගය. ඇයගේ වයස ඊටත් වඩා දිගය. මැඩලීන් හැරියට් ඕර් ජැක්සන් විලියම්ස් වයස 101 තෙක් ජීවත් වූවාය. ඇය විවාහ වූ ස්වාමි පුරුෂයන් දෙදෙනාම මිය ගියත් ඇය ජීවත් වූවාය. ඔවුන් දෙදෙනාම දේශකයෝය. මැඩලීන් මාගේ ආච්චිය. අප ඇය දන්නේ “මමා” ලෙසිනි. මාගේ සහෝදර සහෝදරියොත් මාත් ඇයව හොඳින් දැන සිටියෙමු. ඇයගේ දෙවන ස්වාමිපුරුෂයා ඇය වෙන ගෙයකට රැගෙන යන තුරු අපි ඇයගේ නිවසේ ජීවත් වුනෙමු. ඒත් ඇය සිටියේ සැ: 50ක් පමණ දුරකිනි. අපගේ ආච්චි ගීතිකා ගයන දේව වචනය කට පාඩමින් කියන පියානෝ වයන දේවභය ඇති ස්ත්‍රික්ය. ඇගේ අදහිල්ලෙන් මාත් මාගේ සහෝදර සහෝදරියනුත් කැටයම් වූයෙමු.

2 තිමෝති 1:3-7 ට අනුව තිමෝතිගේ ආච්චි වන ලොයිස්ද මව වන එවුනීකිද ඔහුගේ ජීවිතයට විශාල බලපෑමක් කර තිබුණි. ඔවුන්ගේ ජීවිතය සහ ඉගැන්වීම දේව වචනය තුළ මුල් බැස තිබුණි (5 පදය; සහ 2 තිමෝති 3:14-16). එසේම කෙමෙන් කෙමෙන් ඔවුන්ගේ ඇදහිල්ල තිමෝතිගේ හදවතෙහි වැඩුණි. බයිබලීය ඇදහිල්ල දෙවියන්වහන්සේ සමග ඔහුගේ සම්බන්ධතාවයට පදනම් වූවා පමණක් නොව දේව සේවයට ප‍්‍රයෝජනවත් වීමටද බලපැවේය (1:6-7).

තිමෝතිගේ කාලයෙහි මෙන් දෙවියන්වහන්සේ විශ්වාසවන්ත ස්ත‍්‍රීන් සහ පුරුෂයන් අනාගත පරම්පරා පුහුණු කිරීමට භාවිතා කරන සේක. අපගේ යාච්ඤා වචන ක‍්‍රියා සහ සේවය අප ජිවත්වන කාලයේත් අප ගිය පසුත් දෙවියන්වහන්සේට බලවත් ලෙස භාවිතා කළ හැකිය. මමා අපට භාරදුන් දේවල් මාද මාගේ සහෝදර සහෝදරියන්ද නැවත ක‍්‍රියාත්මක කරන්නේ ඒහෙයිනි. මාගේ යාච්ඤාව මමාගේ උරුමය අපෙන් නොනවතීවා කියාය.