කිම් පියයුරු පිළිකා සමග සටන ආරම්භ කළේ 2013 දීය. ඇයගේ ප‍්‍රතිකර්ම අවසන් වී දින හතරකට පසු ඇයගේ පෙනහළුවල රෝගයක් ඇති බවත් ඇය ජීවත් වන්නේ වසර තුනේ සිට පහ දක්වා අතර කාලයක් බවත් වෛද්‍යවරු කීහ. ඇය කණගාටු විය. පළමු වසරේම ඇය තම හැඟීම් දෙවියන්වහන්සේ ඉදිරියෙහි වැගිරුවාය. 2015 දී මට කිම් හමුවන විට ඇය තම තත්ත්වය දෙවියන්වහන්සේට භාරදී තිබුණි. ඇය අන් අයටද පැතිරෙන ප‍්‍රීතියකින් සහ සාමයකින් සිටියාය. සමහර දිනයන් තවමත් අසීරු වුවද දෙවියන්වහන්සේ ඇයගේ සිත ඇඹරී යන වේදනාවන් ඇය අන් අය දිරිමත් කරද්දී බලාපොරොත්තුවෙන් පිරුණු අලංකාර සාක්‍ෂියක් බවට දිගටම වෙනස් කළ සේක.

අපි ඉතා භයංකාර අවස්ථාවල සිටියද දෙවියන්වහන්සේට අපගේ වැළපීම නැටීමට පෙරළිය හැකිය. උන්වහන්සේගේ සුවය අපි බලාපොරොත්තුවන ලෙසට සිදු නොවූවද දෙවියන්වහන්සේගේ ක‍්‍රම ගැන අපට සහතික විය හැකිය (ගීතාවලිය 30:1-3). අපගේ මාර්ග කෙතරම් කඳුළින් තෙත්ව තිබුණද උන්වහන්සේට ප‍්‍රශංසා කිරීමට අපට මිණිය නොහැකි හේතු තිබේ (4 පදය). දෙවියන්වහන්සේ අපගේ ස්ථිර ඇදහිලි ආරක්‍ෂා කරන අතර අපට උන්වහන්සේ තුළ ප‍්‍රීති විය හැකිය (5-7 පද). උන්වහන්සේට දයාව ඉල්ලා මොර ගැසිය හැකිය (8-10 පද). උන්වහන්සේ වැළපීමෙන් නමස්කාර කරන්නන්ට දෙන බලාපොරොත්තුව සැමරිය හැකිය. අසසහනයේ වැළපීම්, ප‍්‍රීතියට හැරවිය හැක්කේ දෙවියන්වහන්සේට පමණී. එවා සිද්ධින් මත යැපෙන්නේ නැත (11-12 පද).

අපගේ දයාවන්ත දෙවියන්වහන්සේ අපගේ දුකෙහිදී අප සනසන අතර උන්වහන්සේ අපව සමාදානයෙන් වටකර අන් අයටද අපටද සානුකම්පාව ව්‍යාප්ත කිරීමට අප බලගන්වන සේක. අපගේ පේ‍්‍රමණීය විශ්වාසවන්ත ස්වාමින්වහන්සේ අපගේ වැළපිම නමස්කාරයට හරවන සේක. එය එවිට හදපත්ලෙන් එන විශ්වාසයක් සහ ප‍්‍රශංසාවක් වන්නේය. සමහර විට ප‍්‍රීතියෙන් නැටීමක්ද වන්නේය.