මාගේ ආච්චි දක්‍ෂ රෙදි මසන්නියකි. ඇයගේ ගම් පෙදෙස වන ටෙක්සාස් ප‍්‍රාන්තයේ ඇයට සම්මානද ලැබී ඇත. මාගේ ජීවිතය පුරා විශේෂ අවස්ථාවලදී ඇය අතින් මසා නිම කරන ලද ත්‍යාග මට පිරි නැමුවාය. උසස් විදුහලේ උපාධි ප‍්‍රදානෝත්සවයේදී ඇය මට එළු ලොම් වලින් කබායක් මසා දුන්නාය. මාගේ විවාහයට නීල වර්ණ පොරෝනයක් ත්‍යාග කළාය. සෑම ත්‍යාගයකම අයිනක ඇයගේ අත්සන සහිත රෙදි කැබැල්ලක් විය. “මුන්නා විසින් ඔබ වෙනුවෙන් අතින් මසන ලදී” කියා එහි ගසා තිබුණි. එම්බ්‍රොයිඩර් කළ වචනයක් පාසා ඇයගේ පේ‍්‍රමය මට දැණුනි. එසේම මාගේ අනාගතයට ඇදහිල්ලේ බලවත් ප‍්‍රකාශයක් ඇයගෙන් ලැබුණි.

පාවුල් එපීස කිතුණුවන්ට ඔවුන් මේ ලෝකයේ ඉන්නා අරමුණ ලියා යැවීය. ඔවුන්ව විස්තර කළේ ක‍්‍රිස්තුස්වහන්සේ තුළ යහපත් ක‍්‍රියා උදෙසා මවනු ලැබූ දෙවියන්වහන්සේගේ කර්මාන්ත කියාය (2:1). “හස්ත කර්මාන්තයක්” යනු විශිෂ්ඨ කලා කෘතියකි. පාවුල් විස්තර කරන්නේ දෙවියන්වහන්සේ අපව මැවීම නැමැති කර්මාන්තයේ ප‍්‍රතිඵලය අප යහපත් ක‍්‍රියා නිර්මාණය කිරීම බවය. එනම් : යේසුස්වහන්සේ සමග ප‍්‍රතිෂ්ඨාපනය කරන ලද සම්බන්ධකමේ ප‍්‍රකාශයක් බවය. ඒ අපගේ ලෝකයේ උන්වහන්සේගේ මහිමය සඳහාය. අපගේ යහපත් ක‍්‍රියාවලින් අපට ගැළවීම ලැබිය නොහැකිය. නමුත් උන්වහන්සේගේ පරමාර්ථ සඳහා උන්වහන්සේ අපව අතින් නිර්මාණය කරන විට උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ පේ‍්‍රමය කරා අන් අය ගෙන ඒමට අපව භාවිතා කිරීමට උන්වහන්සේට පුළුවන.

ඇය තම ඉඳිකටුව දෙසට හිස නමා ගෙන මාගේ මුන්නා තම පේ‍්‍රමය ප‍්‍රකාශ කිරීමට ත්‍යාගයන් අතින් නිම කළාය. මා මෙලොව මට ඇති ඉලක්කය දැන ගැනීම ඇයගේ ආශාව විය. අපගේ දිනවල විස්තර කැටයම් කරමින් දෙවියන්වහන්සේ උන්වහන්සේගේ පේ‍්‍රමය සහ පරමාර්ථ අපගේ සිත්වල කැටයම් කරන්නේ අපි අන් අයට එම පේ‍්‍රමය ප‍්‍රකාශ කරන පිණිසය.