2016 නොවැම්බර් මාසයේදී විශාල දුර්ලභ සඳක් අහසේ දිස්විය. වසර හැටකට පසු සඳු පෘථිවියට පැමිණිය හැකි ආසන්නයටම පැමිණියේය. ඒහෙයින් එය විශාල ලෙසද වෙනදාට වඩා ඉතා දීප්තිමත්වද පෙණුනි. නමුත් මා දුටුවේ එදින අහස අළුපාට වළාකුල්වලින් වැසී තිබුණු බවය. අන් ස්ථානවල සිටි මිතුරන්ගෙන් මට ඡායාරූප ලැබුණද ඉහළ බැලූ මට විශ්වාස කිරීමට සිදු වූයේ විශාල සඳ වළාකුල් පිටුපස තිබෙන බව පමණක්ය.

අපෝස්තලු පාවුල් බොහෝ අසීරුතාවයන්ට මුහුණ දුන්නේය. නොපෙනෙන දේවල් සදාකාලික බව ඔහු විශ්වාස කළේය. “මොහොතකට පවතින අපේ දුක…. සදාකාල තේජස් භාරයක්” (2 කොරින්ති 4:17) සාදා දෙන්නේය. එසේ හෙයින් ඔහුගේ දෑස් පෙනෙන දේ නොව නොපෙනෙන දේ මතට යොමු කළ හැකි විය. ඊට හේතුව නොපෙනන දේ සදාකාලික නිසාය (18 පදය). පාවුල්ගේ ආශාව වූයේ කොරින්තිවරුන් සහ අපගේ ඇදහිල්ල වර්ධනය වීමය. එසේම අප වේදනා විඳිතත් දෙවියන්වහන්සේ විශ්වාස කිරීමය. අපව උන්වහන්සේ දිනෙන් දින අලුත් කරන බව අපට විශ්වාස කළ හැකිය (16 පදය).

එදින මා වළාකුල් දෙස බලන විට දෙවියන්වහන්සේ නොපෙනුනත් උන්වහන්සේ සදාකාලික බව මට කල්පනා විය. විශාල සඳ නොපෙනුනද එය ඉහළ සැඟවී තිබෙන බව මම දැන ගතිමි. දෙවියන්වහන්සේ මාගෙන් ඇත්ව සිටිනවා යයි මට සිතෙන ඊළඟ වාරයේදී නොපෙනෙන දෙය දෙස මාගේ ඇස් යොමු කිරීමට මම බලාපොරොත්තු වෙමි.