මාත් මාගේ මිතුරියෙකුත් ඇයගේ මුණුපුරු මිණිපිිරියන් සමග ඇවිදින්නට ගියෙමු. ළමා කරත්තය තල්ලු කරමින් යන ඇය කීවේ ඇයගේ පියවර අපතේ යන බවය. එයට හේතුව ඇය අත දෙපසට නොසළන නිසා ඇයගේ පියවර ඇයගේ අතේ ඇති මීටරයේ සඳහන් නොවීමය. මා ඇයට මතක් කළේ එම පියවරයන් ඇයගේ සෞඛ්‍යයට උපකාර වන බවය. “ඔව්” ඇය සිනහසුණාය. “නමුත් මට ඕනෑ ඉලෙක්ට්‍රොනික් රන් තරුව දිනන්න”.

ඇයට හැඟෙන විදිහ තේරුම් ගැනීමට මට පුළුවන. ක්‍ෂණික ප‍්‍රතිඵල නැතිව කරන දෙයක් සිත බිඳින්නේය. නමුත් ප‍්‍රතිඵල ක්‍ෂණික වන්නේ හෝ ක්‍ෂණිකව අපට පෙනෙන්නේ හෝ නැත.

එය එසේ නම් අප කරන යහපත් දේවල් එනම් මිතුරෙකුට උපකාර කිරීම හෝ නොදන්නා අයෙකුට කරුණාවන්ත වීම හෝ නිෂ්ඵල යයි අපට සිතිය හැකිය. පාවුල් ගලාති සභාවට පැහැදිළි කළේ “මනුෂ්‍යයෙක් කපාගන්නේ ඔහු වපුරන දේ” බවය (ගලාති 6:7). නමුත් අපි යහපත කිරීමට මැළි නොවෙමු. නිශ්චිත කාලයේදී අපි අස්වැන්න නෙළා ගන්නෙමු (9 පදය). ගැළවීම ලබා ගැනීමට මග යහපත කිරීම නොවේ. අප කපා ගන්නා දේ මේ ලෝකයේද නැත්නම් ස්වර්ගයේද කියා ඡේදයේ විශේෂිතව පැහැදිළි කරන්නේ නැත. නමුත් අපට ස්ථිර විය හැක්කේ “ආශිර්වාද අස්වැන්නක්” තිබෙන නිසාවෙනි (6:9).

හොඳ කිරීම අසීරුය. විශේෂයෙන් “අස්වැන්න” කුමක්දැයි අප නොදන්නා විටය. නමුත් ඇවිදීමෙන් ශාරිරික ප‍්‍රතිඵල ලබාගත් මාගේ මිතුරිය මෙන් යහපත අඛණ්ඩව කිරීම වටී. ඊට හේතුව ආශිර්වාද පැමිණෙන නිසාවෙනි.