විනී ද පූ නමැති කාටුන් චරිතය නිතර කියන ජනප‍්‍රිය කථාවක් නම් “ඔබ කථා කරන පුද්ගලයා අසන්නේ නැති බව පෙනේ නම් ඉවසන්න. ඔහුගේ කනේ පුළුන් ටිකක් තියෙනවා වෙන්නට පුළුවන්”.

මා වසර ගණනාවක් දන්නා දෙයක් නම් විනී නිකරුණේ යමක් නොකියන බවය. ඔබගේ අනුශාසනාව ඔවුන්ට ප‍්‍රයෝජනවත් වුවත් යමෙකු ඔබට ඇහුම්කන් දෙන්නේ නැත්නම් ඔවුන්ගේ ගැටළුව කණේ යමක් සිරවී තිබීම වන්නට පුළුවන. නැත්නම් වෙනත් බාධාවක් තිබෙන්න පුළුවන. සමහර අයට ඇහුම්කන් දීම ගැටළුවක් වන්නේ ඔවුන් බිඳී ඇති නිසාත් කලකිරී සිටින නිසාත්ය.

මෝසෙස් ඉශ‍්‍රායෙල් සෙනගට කථා කරද්දී කීවේ ඔවුන් ඇහුම්කන් නොදෙන්නේ ඔවුන්ගේ සිත් කැඩි ඇති නිසාත් ඔවුන්ගේ ජීවිත අසිරු නිසා බවත්ය (නික්මයාම 6:9). “කලකිරීම” යන හෙබ්‍රෙව් වචනයේ අර්ථය නම් “හුස්ම ගැනීමට අපහසු” යන්නයි. එය මිසරයේදී ඔවුන් ලැබූ තිත්ත වහල්කමේ ප‍්‍රතිඵලයක්ය. එය එසේ නම් ඔවුන් මෝසෙස්ගේ උපදෙස් ඇහුම්කන් නොදීම ගැන සිතිය යුත්තේ තේරුම් ගැනීම සහ සානුකම්පාව ඇතිව මිස එයට දොස් පැවරීමෙන් නොවේ.

අන් අය ඇහුම්කන් නොදෙන විට අප කළ යුත්තේ කුමක්ද? විනීගේ වචන ප‍්‍රඥාව පෙන්නුම් කරයි. “ඉවසන්න”. දෙවියන්වහන්සේ කියන සේක. “පේ‍්‍රමය ඉවසිලිිවන්තය. පේ‍්‍රමය කරුණාවන්තය” (1 කොරින්ති 13:4). උන්වහන්සේ ඔවුන්ගේ දුක ගැන අපගේ පේ‍්‍රමය සහ අපගේ යාච්ඤා තුළින් ක‍්‍රියා කරන සේක. සමහර විට යථා කාලයේදී උන්වහන්සේ ඔවුන්ගේ කන් විවෘත කරනු ඇත. ඉවසීමෙන් ඉන්න.