මාගේ පිියා සිහි වන විට මට මතක් වන්නේ ඔහු වත්තේ මිටියෙන් ගසමින් වත්ත පවිත‍්‍ර කරමින් නැතිනම් ඔහුගේ වැඩ මඩුවේ විවිධ උපකරණ වලින් වැඩ කරන අයුරුය. ඔහුගේ දෑත් සෑම විටම යම් කාර්යයක හෝ ව්‍යාපෘතියක යෙදී තිබුණි. සමහර විට ගරාජයක් හෝ වේදිකාවක් හෝ කුරුළු කූඩුවක් හෝ ඔහු සාදයි. සමහර විට යකඩ වලින් වැඩක් කරයි. සමහර විට මාළ වළලු යනාදි ආභරණ හෝ කලා කෘති නිම කරයි.

මගේ පියා සිහිිවන විට මාගේ මැවුම්කාර පියාණන් වහන්සේ මතක් වේ. උන්වහන්සේද සෑම විටම වැඩ වල නිරත වුන සේක. පටන් ගැන්මේදී දෙවියන්වහන්සේ “ලෝකයේ අත්තිවාරම දමා එහි මිමි නියම කළ සේක. උන්වහන්සේ එසේ කළේ පහන් තාරකා එක්ව ගීතිකා කරමින් දෙවියන්වහන්සේගේ සියලු පුත‍්‍රයන් ප‍්‍රීති ඝෝෂා පවත්වද්දීය” (යෝබ් 38:4-7). උන්වහන්සේ නිම කළ සෑම දෙයක්ම කලා කෘතියකි. උන්වහන්සේ විශ්මිත අලංකාර ලෝකයක් මවා එය “ඉතා යහපත්” යයි පැවසූ සේක (උත්පත්ති 1:31).

එයට ඔබත් මාත් ඇතුළත්ය. දෙවියන්වහන්සේ අපව සංකීර්ණ අංශවලින් නිරමාණයන් කළ සේක (ගීතාවලිය 139:13-16). උන්වහන්සේ අප තුළ තබා අපට භාර දුන්නේ (උන්වහන්සේගේ ස්වරූපය දරන්නන්) වැඩ කිරීමේ ඉලක්කය සහ ආශාවය. එයට පාලනයද පොළොව සහ එහි ඇති වැවිළි ගැන සැලකීමද අයත් වේ (උත්පත්ති 1:26-28; 2:15). අප කුමක් කළත් අපගේ රැකියාවේදී හෝ නිවාඩුවේදී උන්වහන්සේට මුළු සිතින් සේවය කිරීමට අවශ්‍ය සියල්ල දෙවියන්වහන්සේ අපට දෙන සේක.

අප කුමක් කළද උන්වහන්සේ ප‍්‍රසන්න වන පිණිස අපි එය කරමු.