කාර්ය බහුල ගුවන් තොටුපළක තරුණ මවක් තනියෙන් අරගලයක යෙදුණාය. ඇගේ කුඩා දරුවා මුරණ්ඩුව කෑ ගසමින් පයින් ගසමින් අහස් යානයට ගොඩවීම ප‍්‍රතික්‍ෂේප කළේය. ඇයට තවත් දරුවෙක් ලැබීමට ආසන්නව තිබුණි. ඇයට එය දරා ගැනීම අසීරු විය. තරුණ මව අවසානයේ උත්සාහය අත් හැරියාය. ඇයට සියල්ල එපා වී බිම ඉඳ ගත්තාය. මුහුණ වසා ගෙන හඬන්න පටන් ගත්තාය.

හදිසියේම කාන්තා ගුවන් මගීන් හය හත් දෙනෙක් ඇය සහ දරුවා වට කර ගත්තෝය. විස්කෝතු ජලය සහ සිප ගැනීම් බෙදා ගෙන ළදරු ගීද ගායනා කළහ. ඔවුන්ගේ පේ‍්‍රමණීය වටකිරීම මව සහ දරුවා නිශ්චල කළ අතර ඔවුන් දෙදෙනා අහස් යානයට නැග්ගෝය. අනිත් ස්ත‍්‍රීන් ඔවුන්ගේ ආසනවලට ආවෝය. ඔවුන් කළ දෙය සාකච්ඡා කිරීමට අවශ්‍ය නොවීය. තරුණ මවට අවශ්‍ය වේලේ ඔවුන්ගේ සහයෝගය ඇයට ලැබුණු බව ඔව්හු දැන ගත්තෝය.

මෙය ගීතාවලිය 125 හි අලංකාර සත්‍යයක් පිළිබිඹු කරයි. 2 වන පදයේ දැක්වෙන පරිදි යෙරුසලම හාත්පස කඳු තිබෙන්නාක් මෙන් ස්වාමින්වහන්සේ තම සෙනග වට කර ගෙන ඉන්නා සේක. කාර්ය බහුල යෙරුසලම් නගරය තිබෙන ආකාරය එම රූපකය විස්තර කරයි. එය කඳුවලින් වටවී තිබේ. ඒ අතර ඔලිව් කන්ද සියොන් කන්ද සහ මෝරියා කන්දද වේ.

ඒ ආකාරයටම “දැනුත් සදා කාලයටත්” අපගේ ආත්ම දරා ගෙන ආරක්‍ෂා කර ගෙන දෙවියන්වහන්සේ සිටින සේක. ඒහෙයින් අසීරු දවස්වලදී “කඳු දෙස බලන්න” කියා ගීතිකාකරු කියන ලෙසට (ගීතාවලිය 121:1) දෙවියන්වහන්සේගේ දැඩි උපකාරය ස්ථිර බලාපොරොත්තුව සහ සදාකාලික පේ‍්‍රමයෙන් දෙවියන්වහන්සේ බලා සිටින සේක.