අප සභාවේ කණ්ඩායමක් විසින් 2015 ග‍්‍රීෂ්ම සෘතුවේදී කෙන්යාවේ නයිරෝබි හී පැල්පත් වලින් යුත් පෙදෙසක දුටු දෙයින් යටහත්කමක් ලැබීමු. අපි මඩ පොළොවකින් යුත් පාසැලකට ගියෙමු. බිත්ති දිරාපු ටකරන්ය. ලී බංකුය. එවැනි අන්ත දුගී වටාපිටාවක එක් අයෙක් නැගී සිටියාය.

ඇයගේ නම බි‍්‍රලියන්ට්ය. ඒ නම ඇයට ඉතා හොඳින් ගැළපේ. ඇය පහළ පංතිවල ගුරුවරියකි. ඇයගේ දූතනය ඉදිරියට ගෙන යා හැකි අධිෂ්ඨානයක් සහ ප‍්‍රීතියක් ඇයට තිබුණි. ඇය වර්ණවත් රෙදිවලින් සැරසී සිටියාය. ඇයගේ පෙනීමද ඇය දරුවන්ට උපදෙස් දුන් ප‍්‍රීතියද විශ්මිතය.

පාවුල් පළමු සියවසේදී පිලිප්පිවරුන්ට ලියන ලද පරිදි බි‍්‍රලියන්ට් තම වටාපිටාවට පෙන්නුම් කළ දීප්තිමත් ආලෝකය ඔවුන්ගේ ලෝකයේ තිබිය යුතුව තිබූ ආකාරයට සමානය. ආත්මික අවශ්‍යතාවලින් පිරි වටාපිටාවක අහසේ තාරකා මෙන් ඇදහිලිවතුන් බැබළිය යුතුය (පිලිප්පි 2:15). “තමන්වහන්සේගේ යහපත් කැමැත්ත නිසා කැමති වෙන්ටත් වැඩ කරන්ටත් නුඹලා තුළ ක‍්‍රියා කරන්නාවූ තැනන්වහන්සේ තුළින් (13 පදය) යේසුස්වහන්සේ විස්තර කරන ආකාරයට බැබලීමට ඇදහිලිවතුන්ට පුළුවන. “නුඹලා ලෝකයේ ආලෝකයය… සියල්ලන් කෙරෙහි ආලෝකය බබළයි…. නුඹලාගේ යහපත් ක‍්‍රියා දැක ස්වර්ගයෙහි සිටින නුඹලාගේ පියාණන්වහන්සේට ගෞරව කරන පිණිස නුඹලාගේ ආලෝකය ඔවුන් ඉදිරියේ බබළාවා” (මතෙව් 14-16).