කුඩා දේ විශාල කරන අන්වික්‍ෂයක් සහ අඬුවලින් ක‍්‍රියා කරමින් ස්විට්සර්ලන්ත ඔරලෝසු කාර්මික පිලිප්පේ කුඩා කොටස් ගළවා පවිත‍්‍රකර විශේෂ ඔරලෝසුවල කුඩා අංශු නැවත සවි කරන ආකාරය මට පැහැදිලි ලෙස විස්තර කළේය. සියලු සංකීර්ණ කොටස් දෙස බලමින් පිලිප්පේ ඔරලෝසුවක අත්‍යවශ්‍ය කොටස් මට පෙන්වීය. සෑම කොටසක්ම ඉදිරියට තල්ලුකරන උපකරණය ප‍්‍රධාන දුන්නය. එය නැතිනම් හොඳටම සැළසුම් කළ ඔරලෝසුවක් පවා ක‍්‍රියාත්මක වන්නේ නැත.

හෙබ්‍රෙව් පොතේ හමුවන අලංකාර ඡේදයක කර්තෘ විශේෂිතව යේසුස්වහන්සේව පසසන්නේ ස්වර්ගය සහ පොළොව උන්වහන්සේ තුළින් මවා ඇති හෙයිනි. විශේෂිත ඔරලෝසුවක් ලෙස අපගේ විශ්වයේ සෑම විස්තරයක්ම දෙවියන්වහන්සේ විසින් සකස් කර ඇත (හෙබ්‍රෙව් 1:2). ග‍්‍රහලෝක මණ්ඩලයේ විශාලත්වයේ සිට අපගේ ඇඟිලි සළකුණුවල සංකීර්ණත්වය දක්වා සියල්ල උන්වහන්සේ සාදා තිබේ.

මැවුම්කරුවාණන් වනවාටත් වඩා ඔරලෝසුවේ ප‍්‍රධාන දුන්න ලෙසට මැවීම ක‍්‍රියාත්මක කිරීමටත් නඩත්තු කිරීමටත් උන්වහන්සේට අවශ්‍ය වේ. උන්වහන්සේගේ අඛණ්ඩ අභිමුඛය සියලු දේවල් උන්වහන්සේගේ බලවත් වචනයෙන් නඩත්තු කරන සේක (3 පදය). උන්වහන්සේ මවා ඇති සියල්ල විශ්මිත සංකීර්ණතාවය සමගින් එකට ක‍්‍රියාත්මක කරන සේක.

ඔබට මැවිල්ලේ අලංකාරය අත්විඳීමට අවස්ථාව තිබෙන ලෙස උන්වහන්සේ තුළ සියල්ල එකට ඇති බව මතක තබා ගන්න (කොලොස්සි 1:17). විශ්වය මැවීම සහ නඩත්තු කිරීම ගැන යේසුස්වහන්සේගේ ප‍්‍රධාන භූමිකාව හඳුනා ගැනීම මගින් උන්වහන්සේගේ අඛණ්ඩ සැපයීම පිළිගැනීමේ ප‍්‍රීතිමත් හදවතක් සහ ප‍්‍රශංසාවේ ප‍්‍රතිචාරයක් ඔබ තුළ ඇති කරනු ලබත්වා.