වසර ගණනාවක් මුළුල්ලේ මාගේ මිතුරිය වන බාබරා මා හට දිරිමත් වන කාඩ්පත් සහ අනගි ත්‍යාගද දී ඇත. මා යේසුස්වහන්සේ මාගේ ගැළවුම්කරු ලෙස පිළිගත් බව ඇයට කී විට ඇය මට දිය හැකි ශ්‍රේෂ්ඨතම ත්‍යාගය මට දුන්නාය. ඒ මාගේ පළමු බයිබලයයි. “බයිබලය කියවා යාච්ඤා කර උන්වහන්සේව විශ්වාස කර කීකරුවී උන්වහන්සේට ළංවී ආත්මිකව වර්ධනය වන්න” කියා ඇය මට කීවාය. දෙවියන්වහන්සේව වඩාත් හොඳින් දැන ගැනීමට බාබරා මට ඇරයුම් කළ විට මාගේ ජීවිතය වෙනස් වුනි.

බාබරා මට මතක් කරන්නේ අපෝස්තලු පිලිප්ය. යේසුස්වහන්සේ තමන්වහන්සේව අනුගමනය කරන්න යයි පිලිප්ට ආරාධනා කළ පසු (යොහන් 1:43) අපෝස්තුළු වරයා තම මිතුරා වන නතානියෙල්ට කීවේ “යම් කෙනෙකු ගැන මෝසෙස් විසින් ව්‍යවස්ථාවෙහිත් අනාගතවක්තෘන් විසිනුත් ලියන ලද්දේද උන්වහන්සේ අපට සම්බ වූ සේක” (45 පදය) කියාය. නතානියෙල් සැක කළ විට පිලිප් විවාද නොකළේය. විවේචනය නොකළේය. තම මිතුරා අත් නොහැරියේය. ඔහු මිතුරාට කීවේ යේසුස්වහන්සේව මුහුණට මුහණ දකින ලෙස එන්න කියාය (46 පදය).

නතානියෙල් යේසුස්වහන්සේ “දෙවියන්වහන්සේගේ පුත‍්‍රයා” සහ “ඉශ‍්‍රායලයේ රජු” (49 පදය) කියා ප‍්‍රකාශ කරන විට පිලිප්ගේ ප‍්‍රීතිය මට සිතා ගත හැකිය. යේසුස්වහන්සේ ඔවුන් දකිනු ඇතැයි පොරොන්දු වූ “ශ්‍රේෂ්ඨ දේවල්” තම මිතුරා දැක ගන්නා බව දැන ගැනීම කෙතරම් ප‍්‍රීතියක්ද (50-51 පද).

දෙවියන්වහන්සේ සමග අපගේ සමීප සම්බන්ධතාවය ශුද්ධාත්මයාණන් ඇාරම්භ කරන සේක. ඉන්පසු ඇදහිල්ලෙන් ප‍්‍රතිචාර දක්වන සියල්ල තුළ උන්වහන්සේ ජීවත් වන සේක. උන්වහන්සේව පුද්ගලිකව දැන ගැනීමටද උන්වහන්සේගේ ආත්මය සහ බයිබලය තුළින් උන්වහන්සේ දිනපතා හමුවීමට ආරාධනය කිරීමටද උන්වහන්සේ හැකියාව දෙන සේක. යේසුස්වහන්සේව වඩා හොඳින් දැන ගැනීමට ලැබෙන ඇරයුම ලබාගත හැකි සහ දිය හැකි ශ්‍රේෂ්ට ත්‍යාගය වන්නේය.