අප දිවා ආහාරයට හිස නමාගෙන යාච්ඤා කරන විට මාගේ මිත‍්‍ර ජෙෆ් යාච්ඤා කළේ “පියාණෙනි ඔබවහන්සේගේ වාතය ආශ්වාස කර ඔබවහන්සේ ආහාර ගැනීමට අපට ඉඩදී ඇති නිසා ඔබට තුති කරමි” කියාය. ජෙෆ් මෑතකදී රැකියා නැතිවීමක් නිසා අසීරුතාවයකට පත්ව සිටින අයෙකි. එසේ තිබියදීත් ඔහු දෙවියන්වහන්සේ විශ්වාස කර උන්වහන්සේට සියල්ල අයත් බව පැවසීම මාගේ සිතට වැදුණි. මා කල්පනා කළේ “ඇත්තෙන්ම මූලික දේවල් එනම් : මාගේ ජීවිතයේ දෛනික දේවල් පවා උන්වහන්සේගේ බවත් උන්වහන්සේ ඒවා භාවිත කිරීමට මට ඉඩදී ඇති බවත් මම තේරුම් ගන්නාවද?” කියාය.

දාවිත් රජුට යෙරුසලම් මාළිගාව සෑදීමට ඉශ‍්‍රායෙල් සෙනගගේ පඬුරු ලැබුණ විට ඔහු යාච්ඤා කළේ “නුමුත් මේ ආකාරයෙන් ඔබට ඔප්පුකිරීමට පොහොසත් වූ මමත් මාගේ සෙනඟත් කවුරුද? මක්නිසාද සියල්ලම පැමිණෙන්නේ ඔබගෙන්ය, ඔබගේම දෙයින් අපි ඔබට දුනිමුව” කියාය. ඉන්පසු ඔහු කීවේ “සියල්ලම ඔබගේය” කියාය (1 ලේකම් 29:14, 16).

බයිබලය පවසන්නේ “වස්තුව නිපදවීමේ හැකියාව” සහ ජීවත්වීමේ මාර්ගය උන්වහන්සේගෙන් පැමිණෙන බවය (ද්වීථිය කථාව 8:18). අප වෙත ඇති සියල්ල අප ඉල්ලා ගෙන ඇති බව තේරුම් යන විට මේ ලෝකයේ දේවල් කෙරෙහි ඇති ග‍්‍රහණය ලිහිල් කර විවෘත දෑත් සහ විවෘත සිත්වලින් අපට ජීවත් විය හැකිය. එසේම නිදහසේ දිය හැකිය. ඊට හේතුව අපට දිනපතා ලැබෙන කරුණාවන්තකමට අප ගැඹුරින් ස්තුතිවන්ත වන නිසාය.

දෙවියන්වහන්සේ ත්‍යාගශීලි තැනන්වහන්සේය. උන්වහන්සේ අපට එතරම් ප්‍රේම කරන නිසා අප සියලු දෙනා උදෙසා තම පුුත‍්‍රයාණන් දුන් සේක (රෝම 8:32). අපට එතරම් දී ඇති නිසා කුඩා සහ විශාල ආශිර්වාද වලට අපගේ හද පතුළෙන් අපි ස්තුති කරමු.