මාගේ පුතාගේ සයවන උපන් දිනයට ඔහු මවිත කරවීමට අපගේ කුඩා සභාවේ සාමාජිකයෝ තීරණය කළෝය. ඔව්හු පුතාගේ සබත් පාසැල් පංතිය බැලුම්වලින් සරසා එහි කුඩා මේසයක් මත කේක් එකක් තැබුවෝය. පුතා කාමරයේ දොර විවෘත කරන විට ඔව්හු සියල්ලෝම “සුබ උපන් දිනයක්” කියා කෑ ගැසුවෝය.

මම කේක් කපන විට මාගේ පුතා මා අසලට පැමිණ “අම්මේ මෙහි ඉන්න සෑම කෙනාම මට ආදරේ ඇයි?” කියා ඇසුවේය. මටත් තිබුණේ එම ප‍්‍රශ්නයමය. ඔවුන් අපව දැන ගෙන හය මසක් පමණි. නමුත් ඔවුන් අපට සැළකුවේ දිගු කාලීන මිතුරන් ලෙසිනි.

ඔවුන් මගේ පුතාට පේ‍්‍රම කළ ආකාරය මට පෙන්නුම් කළේ දෙවියවන්වහන්සේ අපට තබා ඇති පේ‍්‍රමයයි. උන්වහන්සේ අපට පේ‍්‍රම කරන්නේ ඇයි? කියා අපට තේරුම් ගත නොහැකිය. නමුත් උන්වහන්සේ එසේ කරන සේක. උන්වහන්සේගේ පේ‍්‍රමය අපට නොමිළයේ ලැබේ. එම පේ‍්‍රමය ලැබීමට සුදුසු යමක් අප කර නැත. නමුත් උන්වහන්සේ එය සුලභ ලෙස දෙන සේක. බයිබලය අපට පවසන්නේ “දෙවියන්වහන්සේ පේ‍්‍රමය” බවයි (1 යොහන් 4:8). ඒ උන්වහන්සේගේ ස්වභාවයේ කොටසකි.

දෙවියන්වහන්සේ උන්වහන්සේගේ පේ‍්‍රමය අප කෙරෙහි වගුරා ඇත්තේ එම පේ‍්‍රමය අන් අයට දැක්විය හැකි වන ලෙසය. යේසුස්වහන්සේ තම ගෝලයින්ට පැවසුවේ “මා නුඹලාට ප්‍රේමකළාක්මෙන් නුඹලාත් එකිනෙකාට ප්‍රේමකරන ලෙස, එකිනෙකාට ප්‍රේමකරන්නය කියා අලුත් ආඥාවක් මම නුඹලාට දෙමි. නුඹලා එකිනෙකාට ප්‍රේමකරනවා නම්, නුඹලා මාගේ ගෝලයෝ බව එයින් සියල්ලන් දැනගන්නවා ඇතැයි කීසේක” (යොහන් 13:34-35) යනුවෙනි.

අපගේ කුඩා සභාවේ සමූහනය අපට පේ‍්‍රම කරන්නේ් දෙවියන්වහන්සේගේ පේ‍්‍රමය ඔවුන් තුළ ඇති නිසාය. එය ඔවුන් තුළින් බැබළී ඔවුන් යේසුස්වහන්සේගේ අනුගාමිකයන් ලෙස හඳුන්වන්නේය. අපට දෙවියන්වහන්සේගේ පේ‍්‍රමය සම්පූර්ණයෙන් වටහාගත නොහැකිය. නමුත් උන්වහන්සේගේ විස්තර කළ නොහැකි පේ‍්‍රමයේ නිදසුන් ලෙස අපට එය අන් අය මත වැගිරවිය හැකිය.