නත්තල් නිවාඩු කාලයේ අපගේ පවුලේ සියලු දෙනාම රෝමයේ කාලය ගත කළෙමු. එලෙස සෙනග එක තැනකට හිරවී සිටිනු මා කවදාවත් දැක ඇතැයි මට නොසිතේ. වතිකානුව සහ පුරාණ එළිමහන් රඟමඩල යනාදිය බැලීමට යන විට ස්ථානෝචිත ප‍්‍රඥාව ගැන මම මගේ දරුවන් දැනුවත් කළෙමි. ඔබ ඉන්නේ කොහේද, ඔබ අවට ඉන්නේ කව්ද, සිදුවන්නේ කුමක්දැයි අපි දැන සිටිය යුතු බව මම ඔවුන්ට කීවෙමි. මෙය අප ජීවත්වන ලෝකයේ නිවසේ සහ විදේශවල අනාරක්‍ෂිත බව තිබෙන කාලයකි. ජංගම දුරකථන වල බොත්තම් කණේ ගසා ගෙන යන දරුවන් (වැඩිහිටියන් පවා) සෑම විටම තම වටාපිටාව ගැන සැලකිලිමත් නැත.

වට පිටාව ගැන දැන සිටීම : පිලිප්පි 1:9-11 පාවුල් එහි ඇදහිලිවතුන් ගැන සටහන් කරන යාච්ඤාවක කොටසකි. ඔහු ඔවුන් ගැන ආශා කළේ ඔවුන් තුළ දිනෙන් දින වැඩිවන විමසීමකි. ඔවුන්ට ලැබෙන අවස්ථාවල කව්ද/කුමක්ද/කොහේද යන දේවල් ගැනය. නමුත් පුද්ගලික ආරක්‍ෂාව ගැන ඉලක්ක වෙනුවට පාවුල් ලීවේ ඊට වඩා ශ්‍රේෂ්ඨ අරමුණක් ගැනය. එනම් දෙවියන්වහන්සේගේ ශුද්ධවූ සෙනග ඔවුන් ලබාගත් පේ‍්‍රමයේ හොඳ ගබඩාකරුවන් වන පිණිසය. “හොඳම දෙය” පවිත‍්‍ර ලෙසත් දොස් නොලැබෙන ලෙසත් ජීවත් වීමය. එසේම යේසුස්වහන්සේට පමණක් දිය හැකි හොඳ ගුණාංග වලින් පූර්ණ වීමය. මෙවැනි ජීවිතයක් ඉස්මතු වන්නේ අප ජීවිතවල දෙවියන්වහන්සේ “කව්ද” යනු දැන ගැනීමෙනි. අපි උන්වහන්සේ කෙරෙහි වැඩි වැඩියෙන් යැපීම උන්වහන්සේට ප‍්‍රසන්නකම ගෙන එන්නේය. එසේම සියලු සහ ඕනෑම අවස්ථාවක් උන්වහන්සේගේ පේ‍්‍රමයේ උතුරා යෑම බෙදාගත හැකි “කොහේද” වන්නේය.