මා හැදුණේ වැඩුනේ දකුණේ ඌෂ්ණාධිත නගරවලය. ඒ හෙයින් මා උතුරට පැමිණී විට හිම වැටෙන දිගු කාලවල ආරක්‍ෂිතව රිය පැදවීම ඉගෙනිමට මට කාලය ගත විය. මාගේ පළමු අධි ශීත කාලයෙහි තුන්වරක් මම හිම ගොඩවල් වල අතරමං වීමි. නමුත් මාස කිහිපයකට පසු හිම කාලවල පැදවීම මට පහසු විය. මම අධි පහසු තත්ත්වයකට පත්වීමි. ඒ හෙයින් ප‍්‍රවේශම් වීම අත් හැරියෙමි. මා කළු අයිස් කුට්ටියක හැපී පාර අද්දර දුරකථන කණුවක හැපුණේ ඉන් පසුවය.

නමුත් කිසිිවෙකුටවත් තුවාල නොවීය. එදින මම වැදගත් පාඩමක් ඉගෙන ගතිමි. පහසුයි යන හැඟීම කෙතරම් භයානන විය හැකිද යන්නයි? ප‍්‍රවේශම් වනු වෙනුවට මම ස්වයංක‍්‍රීය රියදුරු තත්ත්වයට පත්වීමි.

අපගේ ආත්මික ජීවිතවලද එවැනිම පරෙස්සමක් අප ක‍්‍රියාත්මක කළ යුතු වෙමු. පේත‍්‍රෑස් ඇදහිලිවතුන්ට අනතුරු අඟවන්නේ ජීවිතය තුළ කල්පනා නොකර ඉදිරියට ඇදී නොයා “සිහි ඇතුව” සිටින ලෙසයි (1 පේත‍්‍රෑස් 5:8). යක්‍ෂයා අපව විනාශ කිරීමට ක‍්‍රියාත්මකව සිටින්නේය. ඒහෙයින් අපද ක‍්‍රියාත්මකව සිටිය යුතු වෙමු. පරීක්‍ෂාවට එරෙහිව අපගේ ඇදහිල්ලේ ස්ථිරව සිටිය යුතු වෙමු (9 පදය). එය අප තනියෙන් කළ යුතු දෙයක් නොවේ. අපගේ වේදනාවේදී අප සමග සිටීමට දෙවියන්වහන්සේ අපට පොරොන්දු වන සේක. එසේම අවසානයේ “ශක්තිමත්ව, ස්ථිරව නොසැලී” (10 පදය) සිටීමටය. උන්වහන්සේගේ බලයෙන් කල්පනාකාරීව අවදිව නපුරට විරුද්ධව උන්වහන්සේව අනුගමනය කරමු.