ප‍්‍රවෘත්තිය දුක්බර විය. මාගේ පියාට පපුවේ වේදනාවන් තිබුණි. ඒ හෙයින් වෛද්‍යවරයා ඔහුගේ හදවත පරීක්‍ෂා කිරීමට උපදෙස් දුන්නේය. ප‍්‍රතිඵලය : ඔහුගේ සිරා තුනක් ඇහිරී තිබුණි.

ඇහිරීම් ඉවත් කිරීමට ශල්‍යකර්ම (බයි පාස්) තුනක් අවශ්‍ය විය. එය පෙබරවාරි 14 වෙනිදාට නියම කෙරුණි. මාගේ පියාට කණස්සල්ල තිබුණු නමුදු එම දිනය බලාපොරොත්තුවේ ලාංඡනයක් ලෙස ඔහු තබා ගත්තේය. “වැලන්ටයින් දිනයේ මට නව හදවතක් ලැබෙනවා”. ඔහුට එය ලැබුණි. ශල්‍ය කර්මය හොඳින් සිදුවිය. ඔහුගේ අර්බුද සහිත හදවතට ජීවනදායක රුධිර ධාවනයක් ලැබුණි. එනම් ඔහුගේ අලුත් හදවතට.

මාගේ පියාගේ ශල්‍යකර්මය මට මතක් කළේ දෙවියන්වහන්සේ අපට අලුත් ජීවිතයක් දෙන බවය. අපගේ ආත්මික “ශිරාවන්” පාපයෙන් සිරවී ඇත . ඒ දෙවියන්වහන්සේ සමග සම්බන්ධ විය හැකි ධාරිතාවයි. ඒවා පවිත‍්‍ර කිරීමට අපට ආත්මික ශල්‍යකර්මයක් අවශය වේ.

එසෙකියෙල් 36:26 හි දෙවියන්වහන්සේ තම සෙනගට පොරොන්දු වූයේ එයයි. උන්වහන්සේ ඉශ‍්‍රායෙල්වරුන්ට ස්ථිර වූයේ “මම අලුත් සිතක් නුඹලාට දී…. නුඹලාගේ මාංසයෙන් ගල් සිත පහකොට, මාංසමයවූ සිතක් නුඹලාට දෙන්නෙමි” කියාය. එසේම උන්වහන්සේ පොරොන්දු වූයේ “නුඹලාගේ සියලු අපවිත්‍රකම්වලින්ද…. නුඹලා පිරිසිදුකරන්නෙමි” (25 පදය) සහ “මාගේ ආත්මය නුඹලා තුළ තබා” (27 පදය) කියාය. බලාපොරොත්තුව නැතිවී සිටි සෙනගට ඔවුන්ගේ ජීවිත නැවුම් කළ හැකි තැනන්වහන්සේ ලෙස ඔවුන්ට අලුත් ආරම්භයක් උන්වහන්සේ පොරොන්දු වූ සේක.

එම පොරොන්දුව අවසානයේ ඉෂ්ට වූයේ යේසුස්වහන්සේගේ මරණය සහ නැවත නැගිටීමෙනි. අප උන්වහන්සේ කෙරෙහි විශ්වාස කරන විට අපට අලුත් ආත්මික හදවතක් ලැබේ. එය අපගේ පාපය සහ කලකිරීම නැති කරන එකකි. ක‍්‍රිස්තුස්වහන්සේගේ ආත්මයෙන් පිරී අපගේ අලුත් හදවත දෙවියන්වහන්සේගේ ආත්මික ජීවන රුධිරයෙන් ස්පන්දනය වන්නේ අපද අලුත් ජීවිතයක් ගත කරන පිණිසය.