21 වන සියවසේ විශාලම අන්තර්ජාලීය සමූහනයක් වන්නේ “අත්දැකීම් ව්‍යාපෘතිය” යි. එම වෙබ් අඩවියට මිලියන ගණනාවක් තමන්ගේ අත්දැකීම් බෙදා ගත්තෝය. මා එම සිත් බිඳෙන කථාවන් කියවා ගෙන යන විට අපගේ වේදනාව දකින තේරුම් ගන්න කෙනෙක් දැකීමට අපගේ සිත් කෙතරම් ආශා කරනවාදැයි මට සිතුණි.

උත්පත්ති පොතෙහි මෙම ත්‍යාගය කෙතරම් ජීවනදායකදැයි පෙන්වන තරුණියකගේ කථාන්දරයක් ඇත. හාගර් සමහර විට මිසරයේ ඵාරාවෝ කෙනෙකු විසින් ආබ‍්‍රම්ට දෙන ලද වහල් ගැහැණු ළමයෙකු වන්නට ඇත (උත්පත්ති 12:16; 16:1). ආබ‍්‍රම්ගේ භාර්යාව වන සාරයිට දරුවන් නොලැබෙන විට ඇය ආබ‍්‍රම්ව උනන්දු කළේ හාගර් තුළින් දරුවෙක් ලබා දෙන ලෙසය. ගැටළු මතු කළද එකල එය සාමාන්‍ය චාරිත‍්‍රයකි. නමුත් හාගර් ගර්භනී වූ විට සාරායිගේ අපහාසයන්ගෙන් බේරීමට ඇය වනාන්තරයට පැන යන තුරු ඝට්ටණ ඉස්මතු විය (16:1-6).

නමුත් ගර්භණීව අනුකම්පා විරහිත කටුක කාන්තාරයක තනිවී සිටි හාගර්ගේ ඛේදවාචකය දිව්‍ය ඇස් වලින් වැළකී තිබුණේ නැත. ස්වර්ගීය දුතයෙකු ඇයව දිරිමත් කළ පසු (7-12 පද) ඇය ප‍්‍රකාශ කළේ “මා දක්නාවූ උන්වහන්සේ” (13 පදය) කියාය. සාමාන්‍ය කාරණාවලට එහා දකින තැනන්වහන්සේව ඇය ප‍්‍රශංසා කළාය. එම දෙවියන්වහන්සේ යෙුස්සවහන්සේ තුළ එළිදරව් විය. “උන්වහන්සේ සමූහයන් දැක, ඔවුන් එඬේරෙකු නැති බැටළුවන් ලෙස හිරිහැර විඳිමින් විසිර ගොස් සිටිය බැවින් ඔවුන් කෙරෙහි අනුකම්පාකළසේක” (මතෙව් 9:36). තමන්ව තේරුම්ගත් දෙවි කෙනෙකු හාගර්ට හමුවුණි.

හාගර්ගේ වේදනාව දැක තේරුම් ගත්තාවූ තැනැත්තාණෝ අපවද දක්නා සේක (හෙබ්‍රෙව් 4:15-16). ස්වර්ගීය සානුකම්පාවේ අත්දැකීම, දරා ගැනීමට නොහැකි දෙය ස්වල්ප ලෙස හෝ දරා ගැනීමට උපකාර වනු ඇත.