2018 ශීත සෘතු ඔලිම්පික් උළෙලේ විශ්මිතම විපරිතම අවස්ථාව වූයේ චෙක් ජනරජයේ ස්නෝබෝඩර් ලෝක ශුරිය වන එස්තර් ලෙඩෙකා සම්පූර්ණයෙන් වෙනස් ක‍්‍රීඩාවකින් ජය ගැනිමය. ඒ හිම මත ලිස්සා යාමය. ශ්‍රේණිගත කිරීමේදී ඇය සිටියේ 26 වන ස්ථානයෙහිය. කිසි ලෙසකින් කළ නොහැකිි ලෙසින් ඇය පළමු ස්ථානය ලබා රන් පදක්කම දිනා ගත්තාය.

විශ්මිත ලෙසින් ලෙඩෙකා ස්ත‍්‍රීන්ගේ සුපර් ජී තරඟයට සහභාගී වීමට තේරුණි. ඊට හිම මත පහතට ලිස්සා යාමක්ද ඇතුළත් විය. ඇය ඉල්ලා ගත් ලෑලිවලින් එකකින් ජයග‍්‍රහණය කළ පසු ඇයද අන් තරඟකාරියන්ද මාධ්‍ය කරුවන්ද විමතියට පත්වූහ. සියල්ලෝම සිතුවේ ජයග‍්‍රහණය කරන්නේ නම් දරා ඇති ක‍්‍රීඩිකාවක් විය යුතු බවයි.

ලෝකය ක‍්‍රියාත්මක වන්නේ එලෙසය. අප සිතන්නේ අන් අය පරාජය වන විට ජයග‍්‍රාහකයෝ පමණක් ජය ගන්නා බවය. යේසුසවහන්සේ ධනවතුන්ට ස්වර්ගයට ඇතුල්වීම කෙතරම් අසීරුදැයි ගෝලයන්ට කී විට ඔවුන්ට එය තිගැස්සීමක් විය (මතෙව් 19:23). යේසුස්වහන්සේ සියල්ල උඩුයටිකුරු කළ සේක. ධනවත් වීම (ජයග‍්‍රහකයෙකු) මාර්ග බාධකයක් වන්නේ කෙසේද? අප අපට ඇති දෙය ගැන විශ්වාස කරන්නේ නම් (අපට කළ හැකි දේවල් හෝ අප කව්ද යන්න හෝ) දෙවියන්වහන්සේ විශ්වාස කිරීම අසීරු පමණක් නොව එය කළ නොහැකිද වන්නේය.

දෙවියන්වහන්සේ අපගේ නීතිවලට ක‍්‍රියා කරන්නේ නැත. යේසුස්වහන්සේ පවසන්නේ “ප‍්‍රථමයෝ” “අන්තිමයෝ” වන බවය. “අන්තිමයෝ ප‍්‍රථමයෝ වන්නෝය” කියාය (30 පදය). ඔබ පළමුවැනියා වුවද අන්තිමයා වුවද අපට ලැබෙන සියල්ල අනුග‍්‍රහයෙන් ලැබෙන්නේය. එනම් දෙවියන්වහන්සේගෙන් ලැබීමට නුසුදුසු පිහිටෙනි.