ඔබගේ නම කුමක්ද? ඉරානීය සිසුවෙකු වන අර්මාන් මාගෙන් ඇසිය. මගේ නම එස්ටෙරා මම ඔහුට කීමි. “සරාසි භාෂාවෙන් ඊට සමාන නමක් තිබෙනවා. ඒක “සෙටාරේ”. ඒ සුළු සම්බන්ධතාව විශ්මිත සාකච්ඡාවක් බවට පත්විය. මගේ නම බයිබලයේ චරිතයක් ගෙන ඇති බව ඔහුට කීවෙමි. “එස්තර්” ඉරානයේ එකල පර්සියාවේ යුදෙව් රැජිනක්ව සිටි අයෙක්. එස්තර්ගේ කතාවෙන් ආරම්භ කර මම යේසුස්වහන්සේගේ ශුභාරංචිය ඔහුට කීවෙමි. අපගේ සාකච්ඡාවේ ප‍්‍රතිඵලයක් ලෙස අර්මාන් සතිපතා බයිබල් අධ්‍යයනයකට සහභාගී වී යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේ ගැන වැඩිදුර ඉගෙන ගන්නේය.

යේසුස්වහන්සේගේ එක් අනුගාමිකයෙකුවූ පිලිප් ශුද්ධාත්මයෙන් මග පෙන්වීම ලබා ප‍්‍රශ්නයක් ඇසීය. එය ඇසුවේ රථයේ ගමන් කරමින් සිටි ඉතියෝපියානු නිලධාරියෙකුගෙනි. “ඔබ කියවන දෙය ඔබට තේරෙනවාද?” (ක‍්‍රියා 8:30). ඉතියෝපියානු මිනිසා යෙසායා පොතින් කොටසක් කියවමින් සිටියේය. ඔහු ආත්මික අවබෝධයක් බලාපොරොත්තු විය. ඒහෙයින් පිලිප්ගේ ප‍්‍රශ්නය ආවේ නිවැරදි වෙලාවටය. නිලධාරියා රථයේ වාඩිවීමට පිලිප්ට ඇරයුම් කළේය. ඔහු පිලිප්ට යටහත්කමින් ඇහුම්කන් දුන්නේය. පිලිප් මෙය කෙතරම් අනගි අවස්ථාවක්දැයි දැන “ඒ ලියවිල්ලෙන් පටන් ගෙන යේසුස්වහන්සේ ගැන ඔහුට දේශනා කළේය (35 පදය).

පිලිප්ට මෙන් අපටද ශුභාරංචියක් කීමට තිබේ. අපේ රැකියා ස්ථානයේ කඩයේ හෝ වටාපිටාවේ අපට හමුවන දෛනික අවස්ථා අපි අල්ලා ගමු. අපගේ පියවර වලට මග පෙන්වීම දීමද යේසුස්වහන්සේ ගැන අපගේ බලාපොරොත්තුව සහ ප‍්‍රීතිය ගැන ප‍්‍රකාශ කිරීමට අවශ්‍ය වචන දීමටද අපි ශුද්ධාත්මයාණන්ට ඉඩ දෙමු.