හේ වූ (ඇයගේ සත්‍ය නාමය නොවීය) චීනයට යාමට මායිම හරහා ගිය නිසා උතුරු කොරියානු වධකාගාරයක සිර කරනු ලැබීය. දහවල් සහ රාත්‍රිය වධයක් විය. කුරිරු රැකවලුන්ද, ඉළ ඇට බිඳෙන වැඩද, ශීතල පොළොවක මීයන් සහ මකුණන් මධ්‍යයෙහි මද නින්දක්ද ඇය ලැබුවාය. නමුත් දෙවියන්වහන්සේ දිනපතා ඇයට උපකාර කළ සේක. ඇදහිල්ල බෙදා ගැනීම පිණිස මිතුරු විය යුතු සිරකාරියන්ද ඇයට පෙන්වීය.

ඇය සිරගෙයින් නිදහස් වී දකුණු කොරියාවට පැමිණී පසු ඇයගේ සිර ගෙදර කාලය අය ආවර්ජනය කළාය. ගීතාවලිය 23 ඇයගේ අත්දැකීම සාරාංශ ගත කළ බව ඇය කීවාය. ඇ අඳුරු මිටියාවතක සිරවී සිටියද යේසුස්වහන්සේ ඇයට සහනය දෙමින් ඇයගේ එඬේරා වූ සේක. “මා මරණ මිටියාවතක සිටින බව මට හැඟුණද මම කිසි දෙයකට බිය නොවීමි. දෙවියන්වහන්සේ මට දිනපතා සහනය දුන් සේක”. දෙවියන්වහන්සේගේ යහපත්කම සහ පේ‍්‍රමය ඇය අත්දුටුවාය. ඇය උන්වහන්සේගේ දියණිය බව උන්වහන්සේ ස්ථිර කළ සේක. ”මා සිටියේ භයංකාර ස්ථානයකය. නමුත් යහපත්කම හා පේ‍්‍රමය අත්දකින බව මම දැන සිටියෙමි”. ස්වාමින්වහන්සේගේ අභිමුඛයෙහි ඇය සදහටම සිටින බව ඇය දැන සිටියාය.

හේ වූගේ කථාවෙන් අපට දිරිය ලැබිය හැකිය. ඇයගේ අමාරු අවස්ථා මධ්‍යයෙහි ඇයට උන්වහන්සේගේ පේ‍්‍රමය සහ මග පෙන්වීම ලැබුණි. උන්වහන්සේ ඇයව දරා ගෙන ඇගේ බිය පහකළ සේක. අප යේසුස්වහන්සේ අනුගමණය කරන්නේ නම් අපගේ කාලයන් සහ කරදරයන් තුළින් උන්වහන්සේ අපව මෘදු ලෙස ගෙන යන සේක. අපට බියවීමට දෙයක් නැත. “(අපි) උන්වහන්සේගේ් ගෘහයේ සදාකාලයට ජීවත් වනු ඇත” (23:6).