වසර හතලිස් පහක වෘත්තීය ක‍්‍රීඩකකම අවසන් වූ පසු ජෙරී ක‍්‍රාමර් ක‍්‍රීඩා ජනප‍්‍රියතා ශාලාවට පත් නොවීය (උසස්ම පිළිගැනීම). ඔහුට තව බොහෝ ගරුත්වයන් සහ ජයග‍්‍රහණ හිමි විය. නමුත් මෙය ඔහුට නොලැබුණි. එම සම්මානයට ඔහුගේ නම දහ වරක් යෝජනා කෙරුණ නමුත් එය ඔහුට ලැබුණේ නැත. මෙම බලාපොරොත්තුව එතරම් වාරයක් නොලැබී ගියද ක‍්‍රාමර් දයාවෙන් පැවසුවේ “මට සිතුණේ (ජාතික පාපන්දු සංගමය) මාගේ ජීවිතය පුරා ත්‍යාග සිය ගණනක් දුන් බවය. නොලැබුණු එකක් ගැන කලබල වීම හෝ කෝපවීම මෝඩකමක්” කියාය.

අන් අයව තමාට පෙර තෝරා ගැනීම නිසා අන් ක‍්‍රීඩකයන් තිත්තකමට පත්වීමට ඉඩ තිබුණද ක‍්‍රාමර් එසේ නොවීය. ඔහුගේ ආකල්පය ප‍්‍රදර්ශනය කරන්නේ අපි ඊර්ෂ්‍යාවේ රළු ස්වභාවයට එරෙහිව අපගේ හදවත් ආරක්‍ෂා කර නොගන්නේ නම් එය “ඇට දිරවන” බවය (හිතෝපදේශ 14:30). අපට නැති දේ ගැන අප හඹා යන විට අපට තිබෙන දේවල් අපට මතක නැතිවේ. දෙවියන්වහන්සේගේ සාමය අපෙන් ඉවත් වේ.

2018 පෙබරවාරි මාසයේදී එකොළොස්වන වරට ඔහුගේ නම යෝජනා වූ පසු ජෙරී ක‍්‍රාමර් පාපන්දු ජනප‍්‍රියතා ශාලාවට ඇතුළත් කර ගැණුනි. ඔහුගේ මෙන් අපගේ ලෞකික ආශාවන් පූර්ණ නොවිය හැකිය. නමුත් දෙවියන්වහන්සේ අපට ත්‍යාගශීලීවූ ආකාරය වෙත අප අවධානය යොමුකරන විට අපගේ සිත් “සමාදානයෙන්” පැවතිය හැකිය. අපට අවශ්‍ය නමුත් ඒවා නැති වුවද අපගේ ජීවිතවලට උන්වහන්සේ ගෙන එන ජීවනදායක සමාදානය අපට සැමවිට භුක්ති වින්ද හැකිය.