මයිකල්ගේ භාර්යාවට මරණීය රෝගයක් වැළඳුණු විට දෙවියන්වහන්සේ සමග ඇති සම්බන්ධතාවය නිසා ඔහු ලබා සිටි සාමය ඇයද ලබනවාට ඔහු කැමති විය. ඔහු ඇයට තම අදහිල්ල ගැන කියා තිබුණි. ඇය උනන්දු වූයේ නැත. ඔහු එක් දිනයක් ප‍්‍රදේශයේ පොත් සැලක් තුළින් යන විට දුටු මාතෘකාවක් ඔහුගේ සිත ගත්තේය. “දෙවියනි ඔබ සිටිනවාද?” තම භාර්යාව පොතට දක්වන ප‍්‍රතිචාරය නොදැන ඔහු පොත් සැළේ ඇතුළට පිටතට කිහිප සැරයක් ගියේය. අවසානයේ ඔහු පොත මිළට ගත්තේය. ඔහුගේ පුදුමයට ඇය එය පිළිගත්තාය.

පොත ඇයගේ සිත ස්පර්ශ කළේය. ඇය බයිබලය කියවීමද ආරම්භ කළාය. සති දෙකකට පසු මයිකල්ගේ භාර්යාව මිය ගියේ දෙවියන්වහන්සේ සමග සමාදානය ඇතුවය. ඒ උන්වහන්සේ ඇයව කිසිදා අත් නාරින බවට ඇති ස්ථිරතාවය මත විශ්වාස කරමිනි.

දෙවියන්වහන්සේ මිසරයෙන් පිටතට උන්වහන්සේගේ සෙනග ගෙන ඒමට මෝසෙස්ට කැඳවීම දුන් විට උන්වහන්සේ තම බලය ඔහුට දෙන බවට පොරොන්දු වූයේ නැත. ඒ වෙනුවට උන්වහන්සේ පොරොන්දු වූයේ “මම සැබවින්ම නුඹ සමග සිටිමි” (නික්මයාම 3:12) කියාය. උන්වහන්සේ කුරුස පත් වීමට පෙර ගෝලයන්ට කී කථාවේදී උන්වහන්සේ ශුද්ධාත්මයාණන් මගින් ඔවුන්ට දෙවියන්වහන්සේගේ සදාකාලක අභිමුඛය පොරොන්දු වූ සේක (යොහන් 15:26).

අපට ජීවිත අභියෝග ජය ගැනීමට උපකාර කිරීමට දෙවියන්වහන්සේට දිය හැකි බොහෝ දේවල් තිබේ. එනම් : ද්‍රව්‍යාත්මක පහසුව, සුවය හෝ අපගේ ගැටළුවලට ක්‍ෂණික විසඳුම්ය. සමහර විට උන්වහන්සේ එසේ කරන සේක. නමුත් උන්වහන්සේ දෙන හොඳම ත්‍යාගය උන්වහන්සේවමය. මේ අපට ඇති ශ්‍රේෂ්ඨතම ත්‍යාගයයි. අපට ඇති ශ්‍රේෂ්ඨතම සහනය එය වේ. ජීවිතයේ කුමක් සිදුවුවද උන්වහන්සේ අප සමගය. උන්වහන්සේ අප දමා යන්නේවත් අත්හරින්නේවත් නැත.