හිරු නැගෙන්නේ නැගෙනහිරින්ද? අහස නිල් පාටද? සාගරය ලුණු රසද? කොබොල්ට්හි පරමානු බලය 58:9 ද? අවසන් ප‍්‍රශ්නය ඔබ දන්නේ ඔබ විද්‍යාව පිළිබඳ විද්වතෙක් හෝ සුළු සුළු දේවල් හාරා අවුස්සන්නෙක් නම් පමණී. නමුත් අනික් ප‍්‍රශ්න වලට අනිවාර්ය පිළිතුරක් තිබේ. සත්‍ය වශයෙන් එවැනි ප‍්‍රශ්නවල අපහාසය සුළු ප‍්‍රමාණයක් මිශ‍්‍රව ඇත.

අප ප‍්‍රවේශම් නැති නම් අපගේ නූතන වෙහෙසවී තිබෙන දෙකණ් වලට යේසුස්වහන්සේ ආබාධිතයෙකුගෙන් ඇසු ප‍්‍රශ්නය “ඔබ සුවය ලබන්ට කැමතිද?” (යොහන් 5:6) අපහාසාත්මක ලෙස දැකිය හැකිය. “ඔබ මට විහිළු කරනවාද? මම වසර 38 ක් උපකාර බලාපොරොත්තුව සිටියා”. එය සත්‍යයෙන් එහා ගිය දෙයකි. යේසුස්වහන්සේගේ කට හඬ සෑම විටම සානුකම්පාවෙන් පිරී තිබේ. උන්වහන්සේ ප‍්‍රශ්න අසන්නේ අපගේ හොඳටය.

මනුෂ්‍යයාට සුවය අවශ්‍ය බව යේසුස්වහන්සේ දැන සිටි සේක. ඔහුට උදව්වක් කිරීමට කිසිවෙක් ඉදිරිපත් නොවු බවද උන්වහන්සේ දැන සිටි සේක. දිව්‍ය හාස්කමක් කිරීමට පෙර යේසුස්වහන්සේගේ අරමුණ වූයේ ඔහු තුළ තිබුණු ශීතල වී තිබු බලාපොරොත්තුවක් නැවුම් කිරීමටය. උන්වහන්සේ එය කළේ පිළිතුර පැහැදිලි ප‍්‍රශ්නයකිනි. එසේම ප‍්‍රතිචාර දැක්වීමට මාර්ග දෙමිනි. “ඔබගේ යහන රැගෙන යන්න” (8 පදය). අපද එම ආබාධිතයා මෙනි. බලාපොරොත්තුව වියලුණු ස්ථානවල අපි සිටිමු. උන්වහන්සේ අපව දැක අපට සානුකම්පාවෙන් ඇරයුම් කරන්නේ නැවත බලාපොරොත්තුව ගැනද උන්වහන්සේ ගැනද අදහන ලෙසටය.