ඝාණාවේ හැදී වැඩුණු කුඩා දරුවෙක් ලෙස මගේ පියාගේ අත අල්ලාගෙන සෙනග වැඩි ස්ථානවලින් ගමන් කිරීමට මම ආශා කළෙමි. ඔහු මාගේ පියාද මිතුරාද විය. අපගේ සංස්කෘතියේ අතින් අල්ලාගෙන යාම සත්‍ය මිත‍්‍රත්වයේ ලකුණකි. ඇවිදගෙන යන ගමන් අපි විවිධ විෂයන් ගැන කථා කරන්නෙමු. මා හට පාළුව දැණුන විට මාගේ පියාගෙන් මම සහනය ලැබීමි. අපගේ සහභාගීත්වය මම කෙතරම් අගය කළෙම්ද?

ස්වාමිවූ යේසුස්වහන්සේ තම අනුගාමිකයන්ට මිතුරන් යයි කී සේක. උන්වහන්සේ ඔවුන්ට තම මිත‍්‍රත්වයේ සළකුණු පෙන්වූ සේක. “පියාණන්වහන්සේ මට පේ‍්‍රම කළාක් මෙන් මම නුඹලාට පේ‍්‍රම කරමි” (යොහන් 15:9). ජීවිතය පවා දුන් සේක (13 පදය). උන්වහන්සේගේ රාජ්‍යයේ ව්‍යාපාරය ඔවුන්ට පෙන්වූ සේක (15 පදය). දෙවියන්වහන්සේ දුන් සියල්ල ඔවුන්ට ඉගැන්වූ සේක (15 පදය). එසේම තම දුතනයේ පංගුකාරයන් වීමට ඔවුන්ට අවස්ථාව දුන් සේක (16 පදය).

අපගේ ජීවිත හවුල්කරුවෙක් ලෙස යේසුස්වහන්සේ අප සමග ගමන් කරන සේක. උන්වහන්සේ අපගේ සිත් රිදුම් සහ අපගේ ආශාවන් අසන සේක. අප හුදකලාවී වැටී සිටින විට අපගේ මිතුරා වන යේසුස්වහන්සේ අප සමග සමාගම් පවත්වන සේක.

අප එකිනෙකාට පේ‍්‍රම කර උන්වහන්සේගේ ආඥාවලට කීකරුවන විට අපගේ මිත‍්‍රකම ශක්තිමත් වන්නේය (10, 17 පද). අප උන්වහන්සේගේ ආඥාවලට කීකරුවන විට අපි “පවතින ඵල” දරන්නෙමු (16 පදය).

අපගේ කරදර සහිත ලෝකයේ සෙනග පිරි මාවත් සහ භයංකාර පාරවල් වල යන විට අපට යේසුස්වහන්සේගේ සහභාගීකම ගැන විශ්වාසය තැබිය හැකිය. එය මිත‍්‍රත්වයේ සලකුණකි.