ඉඳහිට දැකිය හැකි ජෙලී මත්ස්‍යයෝ වර්ගයක් කැලිෆෝර්නියාවේ බජා අසළ අඩි හාරදහසක් පමණ ගැඹුරේ දියසුළි අතර නටමින් සිටියෝය. උන්ගේ ශරීර නිල් දම් සහ රෝස වර්ණවලින් දිලිසුණි. කළු වර්ණ ජලයේ එය හොඳින් කැපී පෙණුනි. සීනු වැනිවූ ඔවුන්ගේ ශරීරයේ මුදුන්වලින් අලංකාර අඬු දිස් වුනි. මා විමතියෙන් යුතුව “හැලිටෙ‍්‍රෆස්ට් මාසි” ජෙලී මත්ස්‍යයන් දෙස බලා සිටියෙමි. එය ප‍්‍රදර්ශනය කරන ලද්දේ “නැෂනල් ජෙයෝග‍්‍රැෆික්” ආයතනයෙනි. දෙවියන්වහන්සේ මේ ජෙලී මත්ස්‍යයාගේ විශේෂ සැළැස්ම තෝරාගත් ආකාරය ගැන මම කල්පනා කළෙමි. උන්වහන්සේ එවැනි තවත් වර්ග 2000 ක් පමණ ජෙලී මත්ස්‍යයන් සැළසුම් කර තිබූ අතර 2017 ඔක්තෝබර් වන විට විද්‍යාඥයෝ එවැනි සංඛ්‍යාවක් හඳුනාගෙන තිබුණි.

අපි දෙවියන්වහන්සේව මැවුම්කරුවාණන් ලෙස පිළිගත්තද බයිබලයේ පළමු පරිච්ඡේදයේ ඇති ගැඹුරු සත්‍යය ගැන කල්පනා කිරීමට කාලය දෙනවාද? අපගේ විශ්මිත දෙවියන්වහන්සේගේ නිර්මාණයන් විවිධ ලෙස ලොවට ආලෝකය සහ ජීවනය ගෙන ආ සේක. ඒ සෑම දෙයක්ම නිර්මාණය කළේ උන්වහන්සේගේ වචනයේ බලයෙන්ය. උන්වහන්සේ ජලයේ “හැසිරෙන ජීවමාන සත්ත්වයන් බොහෝ කොට” හට ගැන්වූ සේක (උත්පත්ති 1:21). දෙවියන්වහන්සේ ආරම්භයේ මැවූ දේවල අංශු මාත‍්‍රයක් පමණක් විද්‍යාඥයෝ සොයා ගෙන තිබේ.

දෙවියන්වහන්සේ උවමනාවෙන් ලෝකයේ ජීවත්වන සෑම කෙනෙකුම ඇඹූ සේක. අප පළමු හුස්ම පොද ගැනීමට පෙරම උන්වහන්සේ අපගේ ජීවිතයේ සෑම දිනකටම පරමාර්තයක් දුන් සේක (ගීතාවලිය 139:13-16). අප දෙවියන්වහන්සේගේ මැවීම සමරණ විට උන්වහන්සේ සමග කල්පනා කර උන්වහන්සේගේ මහිමය පිණිස නිර්මාණය කිරීමට උන්වහන්සේ දී ඇති බොහෝ මාර්ග ගැන අපට ප‍්‍රීති විය හැකිය.