මගේ කුඩාම මුණුපුරාට වයස මාස දෙකකි. නමුත් මා ඔහුව දකින වාරයක් පාස මා ඔහුගේ සුළු සුළු වෙනස්කම් දකිමි. හදිසියේම මම හඬන්න පටන් ගන්නෙමි. සමහර විට ඒ මාගේ දරුවන්ගේ පළමු සිනහවන් මතක් වී පැමිණි ප‍්‍රීතිය නිසා විය හැකිය. එය මා දුටුවේ බොහෝ කලකට පළමුවය. නමුත් එය හරියට ඊයේ මෙන්ය. සමහර අවස්ථා එලෙස විස්තර කළ නොහැකිය.

ගීතාවලිය 103 හි දාවිත් කවියක් ලිවීය. දෙවියන්වහන්සේ පසසන අතරම අපගේ ජීවිතයේ ප‍්‍රීතිමත් අවස්ථා පහවෙන ඉක්මණ ඔහු විස්තර කරන්නේය. “මනුෂ්‍යයාගේ දවස් වනාහි තණකොළ මෙන්ය; ඔහු කෙතේ මලක් මෙන් සශ්‍රීකවේ. මක්නිසාද හුළඟ වැදී එය නැතිවී යයි; එය තිබුණු ස්ථානයද තවත් එය දැනනොගන්නේය” (15-16 පද).

දාවිත් ජීවිතයේ කෙටි බව පිළිගන්නා අතර ඔහු ජීවිතය සශ‍්‍රීක වන බව විස්තර කරන්නේය. එක් එක් මල තනි තනිව ඉක්මණින් පිපුණද එහි සුවඳ සහ වර්ණය සහ අලංකාරය ඒ මොහොතේ විශාල ප‍්‍රීතියක් ගෙන එන්නේය. තනි මලක් ඉක්මණින් අමතක වුවද “එය තිබුණු ස්ථානයද තවත් එය දැනනොගන්නේය” (16 පදය). නමුත් සංසන්දනාත්මකව අපට ඇති ස්ථිරකම නම් “ස්වාමින්වහන්සේගේ කරුණාව තමන්ට භය ඇත්තන් කෙරෙහි සදාකාලයෙන් සදාකලයට” (17 පදය) පැවතීමය.

අපද මල් මෙන් ඒ මොහොතේදී ප‍්‍රීතිවී සශ‍්‍රීක වීය හැකිය. නමුත් අපගේ ජීවිතයේ මොහොතවල් අමතක නොවන්නේය යන සත්‍යය අපට අමතක කළ නොහැකිය. දෙවියන්වහන්සේ අපගේ ජීවිතයේ සෑම කුඩා කාරණයක්ම දන්නා සේක. උන්වහන්සේගේ සදාකාලික පේ‍්‍රමය උන්වහන්සේගේ දරුවන් සමග සැමදා පවතින්නේය.