ගිලන් රථයේ දොර වැසිමට ආසන්නය. මම එහි තුළය. පිටත මගේ පුතා මාගේ භාර්යාවට ඇමතුමක් දෙමින් සිටියේය. සිහි මඳ ගතියෙන් මම ඔහුගේ නම හඬ ගැසීමි. මම ඉතා සෙමින් “ඔබගේ අම්මට කියන්න මම ඇයට බොහෝ පේ‍්‍රම කරනවා කියලා” කී බව ඔහු එම මොහොත ආවර්ජනය කරමින් කියා සිටියේය.

මේ අවසන් වචන යයි මම සිතීමි. ඒවා වෙන්වීමේ වචන වීම මගේ ආශාව විය. ඒ මොහොතේ මට වඩාත්ම වැදගත් වූයේ එයයි.

යේසුස්වහන්සේ තම අඳුරු මොහොත දරා ගනිමින් උන්වහන්සේ අපට ආදරේ බව පවසමින් පමණක් නොනැවතුණු සේක. උන්වහන්සේ එය විශේෂිත ක‍්‍රම වලින් අපට පෙන්වූ සේක. තමන්වහන්සේව කුරුසියට ඇණ ගසා උසුළු විසුළු කරමින් සිටි සොල්දාදුවන්ට උන්වහන්සේ පේ‍්‍රමය පෙන්වූ සේක. “පියාණෙනි, ඔවුන්ට කමාවුව මැනව; මක්නිසාද ඔවුන් කරන්නේ මොකද කියා ඔව්හු නොදනිතියි”යි කී සේක (ලූක් 23:34). තමන්වහන්සේ සමග ඇණ ගසනු ලැබූ අපරාධකරුවෙකුට උන්වහන්සේ බලාපොරොත්තුව දුන් සේක. “අදම නුඹ මා සමඟ පරාදීසයෙහි සිටින්නෙහිය” (43 පදය). අවසානයට ළඟා වෙද්දී උන්වහන්සේ තම මව දෙස බලා “මේ නුඹේ පුත‍්‍රයා” යයි ඇයට කී සේක. උන්වහන්සේගේ සමීප මිතුරා වන යොහන්ට කීවේ “මේ නුඹේ මව” (යොහන් 19:26-27) කියාය. උන්වහන්සේගේ ජීවිතය ගිලිහී යන විට උන්වහන්සේගේ පේ‍්‍රමයේ අවසන් පියවර වූයේ තම පියාණන්වහන්සේව විශ්වාස කිරීමයි. “පියාණෙනි, ඔබගේ අතට මාගේ ආත්මය භාරදෙමි” (ලූක් 23:46).

යේසුස්වහන්සේ උවමනාවෙන්ම කුරුසිය තෝරා ගත්තේ පියාණන්ට ඇති තමන්ගේ කීකරුකම පෙන්වීමට සහ අපට ඇති උන්වහන්සේගේ ගැඹුරු පේ‍්‍රමය පෙන්වීමටය. අවසාන මොහොත දක්වා උන්වහන්සේ තමන්වහන්සේගේ නොනවතින පේ‍්‍රමය පෙන්නුම් කළ සේක.