මිනිසෙකු තම නිවස පිටත ආරක්‍ෂිත කැමරාවක් සවි කළේය. ඔහු එය ක‍්‍රියාකාරීදැයි බැලීමට වීඩියෝව පරීක්‍ෂා කළේය. කළු ඇඳගත් උරහිස් පළල් මිනිසෙකු ඔහුගේ වත්ත තුළ එහේ මෙහේ යනවා ඔහු වීඩියෝවෙන් දිටීය. ඔහු බිය විය. මිනිසා කුමක් කරන්නේදැයි බැලීමට ඔහු උවමනාවෙන් බැලීය. මිනිසා හඳුනන පුද්ගලයෙකු බව ඔහුට සිතුණි. අවසානයේ ඔහු දැන ගත්තේ ඔහුගේ වත්තේ එහේ මෙහේ යන්නේ තමාම බවයි.

අපගේ ශරීරයෙන් ඉවත්වී සමහර අවස්ථා නැරඹිය හැකි නම් අප කුමක් දකීවිද? බෙත්ෂෙබා සමග පව් කළ පසු දාවිත්ගේ හදවත දැඩිවී ඔහුට පිටස්තර දැක්මක් අවශ්‍යය වූ විට – භක්තිවන්ත දැක්මක් – දෙවියන්වහන්සේ ඔහුගේ මිදීමට නාතාන්ව එවීය (2 සාමුවෙල් 12).

එක්තරා ධනවතෙකු දුගියෙකුගේ එකම බැටළු පැටවා සොරකම් කළ ආකාරය ගැන නාතාන් දාවිත්ට කථාන්දරයක් කීවේය. ධනවතාට සිය ගනන් සතුන් සිටියද දුගියාගේ බැටළු පැටවා මරා ඔහු ආහාරයට ගත්තේය. මෙම කථාවෙන් කියැවෙන්නේ දාවිත් බව නාතාන් එළිදරව් කළ පසු තමා උරියාට කළ දෙය දාවිත්ට වැටහුණි. නාතාන් ප‍්‍රතිඵල විස්තර කළේය. නමුත් වඩාත් වැදගත් වන්නේ ඔහු දාවිත්ට “ස්වාමීන්වහන්සේ නුඹේ පාපය පහකළසේක” කියා පැවසීමයි (13 පදය).

අපගේ ජීවිතයේ පාප දෙවියන්වහන්සේ එළිදරව් කරයි නම් උන්වහන්සේගේ අවසන් අරමුණ අපව හෙළා දැකීම නොවේ. අපව ප‍්‍රතිෂ්ඨාපණය කර අප රිදෙව් අය සමග සමගි කිරීමය. දෙවියන්වහන්සේගේ සමාව දීමේ සහ අනුග‍්‍රහයේ බලය මගින් දෙවියන්වහන්සේ සමග අලුත් සමීපතාවයක් සඳහා මාර්ගය සකස් කරන්නේ පසුතැවිල්ලය.