මට එය විශ්වාස කිරීමට නොහැකි විය. නිල් ජෙල් පෑනක් මාගේ සුදු තුවා වල සැඟවී තිබුණි. රෙදි සෝදන විට එයට කිසිවක් නොවීය. නමුත් වේලන යන්ත‍්‍රයේදී එය පිපිරී සැම තැනම නිල් වර්ණය ගෑවී තුවා කැත විය. මාගේ සුදු තුවා විනාශ විය. කෙතරම් සේදීම් කුඩු යෙදුවද ඒවා ඉවත් නොවීය.

මා ඒවා අකමැත්තෙන් කුණු කූඩයට දමන විට මට මතක් වූයේ පරණ ගිවිසුමේ අනාගතවක්තෘ යෙරෙමියාගේ විලාපයයි. එහි පාපයේ හානිකර ප‍්‍රතිඵල ලියා තිබුණි. ඒ දෙවියන්වහන්සේව එපා කර රූප වලට හැරීමෙනි (යෙරෙමියා 2:13). ඉශ‍්‍රායෙල් සෙනඟ දෙවියන්වහන්සේ සහ ඔවුන් අතර තිබු සම්බන්ධය සදහටම කැළැල් කර ගෙන තිබුණි. “(සබන් වලින්) නුඹ සෝදා ගෙන බොහෝ සබන් ගාගත්තත් නුඹේ අපරාධය මා ඉදිරියේ නොමැකී තිබේ යයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියන සේක” (22 පදය). ඔවුන් කල හානිය නැති කර ගැනීමට ඔවුන්ට නොහැකි විය.

අපගේ බලයෙන් අපගේ පාප කැළල් නැති කර ගැනීමට අපට නොහැකිය. අපට නොහැකි දෙය යේසුස්වහන්සේ කළ සේක. ඒ උන්වහන්සේගේ මරණය සහ නැවත නැගිටීමෙනි. උන්වහන්සේ සියලු ඇදහිලිවතුන් සියලු පාප වලින් පවිත‍්‍ර කරන සේක (1 යොහන් 1:7).

විශ්වාස කිරීමට අසීරු වුවද මේ අලංකාර සත්‍යය අල්ලා ගන්න. යේසුස්වහන්සේට සම්පූර්ණයෙන් නැති කළ නොහැකි පාපයෙන් වූ ප‍්‍රතිඵල නැත. උන්වහන්සේ වෙතට හැරී එන ඕනෑම කෙනෙකුගේ පාප ප‍්‍රතිඵල සෝදා දැමීමට දෙවියන්වහන්සේ් කැමතිය (9 පදය). ක‍්‍රිස්තුස්වහන්සේ තුළින් අපට සැම දිනක්ම නිදහසින් සහ බලාපොරොත්තුවෙන් ජීවත් විය හැකිය.