වයස පනස් හතරේදී මම විල්වකී මැරතන් තරඟයට අවතීර්ණ වුයේ ඉලක්ක දෙකක් ඇතිවය. ඒ තරඟය අවසන් කිරීමටත් එය පැය පහකට අඩු කාලයකින් කිරීමටත්ය. දෙවන සැ:13.1 පළමු කොටස වූ ආකාරයට සිදුවූයේ නම් මාගේ වේලාව විශ්මිත විය හැකිව තිබුණි. නමුත් තරඟය කර්කශ විය. අධි වෙහෙසින් පසු ලැබෙන ශක්තිය මට නොලැබුණි. මා තරඟය අවසන් කරන විට මාගේ දිවීම වේදනාකාරී ඇවිදීමක් බවට පත්ව තිබුණි.

දෙවන ශක්තියක් අවශ්‍ය වන්නේ දිවීමට පමණක් නොවේ. ජීවිත ගමනටද එය අවශ්‍ය වේ. එය දරා ගැනිමට වෙහෙසවු හති වැටී සිටින අයට දෙවියන්වහන්සේගේ උපකාරය අවශ්‍ය වේ. යෙසායා 40:27-31 පද අලංකාර ලෙස කාව්‍ය සහ අනාවැකි එකට ගලපා ඉදිරියට යාමට වෙර දරණ අයට පෙළඹවීමක් සහ ශක්තියක් දෙන්නේය. යුගයකට සීමා නොවූ එම වචන වෙහෙසවී කලකිරී ඉන්නා සෙනඟට මතක් කරන්නේ දෙවියන්වහන්සේ නොසළකා අහක බලා ගෙන නොසිටින බවය (27 පදය). අපගේ කරදරය උන්වහන්සේගෙන් සැඟවී නැති බවය. මෙම වචන සහනය සහ ස්ථිරතාවය දෙන්නේය. දෙවියන්වහන්සේගේ නිමක් නැති බලය සහ පතුළක් නැති දැනුම අපට මතක් කරන්නේය (28 පදය).

29-31 දක්වා පදවල සඳහන් දෙවන ශක්තිය අපට අත්‍යවශ්‍යය වේ. අප අපගේ පවුල්වලට සපයමින් සිටින විටද ශාරිරික සහ ආර්ථික අර්බූදවලින් මිරිකී සිටින විටද සම්බන්ධතා ගැටළු සහ ආත්මික අභියෝගවලින් කලකිරී ඉන්න විටද අපට ශක්තිය ලබා ගත හැකිය. වචනය මෙනෙහි කර යාච්ඤාවෙන් ස්වාමින්වහන්සේ කෙරෙහි බලා සිටින අයට එම ශක්තිය ලැබෙන්නේය.