ලොස් ඇන්ජල්ස් මාර්ගවල ඉබාගාතේ පයින් ඇවිදිමින් සිටි අසරණයෙකු මිඩ්නයිට් මිෂන් ආයතනයට උපකාර ඉල්ලා ආවේය. ඔහු බොහෝ ඇබ්බැහිවීම් වලින් පොරබදින්නෙකු විය. එලෙස බ‍්‍රයන් දීර්ඝ කාලීන මිදීමේ වැඩ සටහනක් ආරම්භ කළේය.

එම ක‍්‍රියාවලිියේදී බ‍්‍රයන් නැවත වාරයක් තමා තුළවූ සංගීතය ගැන ආශාව සොයා ගත්තේය. අවසානයේ ඔහු මාවතේ සංගීත කණ්ඩායමට බැඳුණි. ඔවුහු සංගීත වෘත්තිකයන් කණ්ඩායමකි. වීදියේ සිටි අය ගැන ඔවුන්ට හදවතක් තිබුණි. ඔව්හු හැන්ඩ්ල්ස්ගේ මෙසියස් යන ගිත කාණ්ඩයේ එක් ගීයක් වන “අන්ධකාරයේ ඇවිද්දාවූ මනුෂ්‍යයෝ” යන ගීතය ගායනා කිරීමට බ‍්‍රයන්ට කීවෝය. එම ගී පද ගෙන තිබුණේ ඉශ‍්‍රායෙල්ගේ අඳුරුම යුගයේදී යෙසායා අනාගතවක්තෘ ලියන ලද වචන වලිනි. “අන්ධකාරයෙහි ඇවිද්දාවූ සෙනඟ මහත් ආලෝකයක් දුටුවෝය. මරණ සෙවණ ඇති දේශයෙහි විසූ අය කෙරෙහි එළියක් බැබළුණේය” (යෙසායා 9:2). “නිව් යෝර්කර්” සඟරාවට ලියමින් සංගීත විචාරකයෙකු පැවසුවේ බ‍්‍රයන් “එම වචන පෙළ තමාගේම ජීවිතයෙන් ගත් ලෙසට ගායනා කළේය” කියාය.

ශුභාරංචි රචක මතෙව් එම වචනම භාවිතා කළේය. ඔහුද පැමිණියේ තම සහෝදර ඉශ‍්‍රායෙල්වරුන්ට වංචාකරමින් සිටි කාලයක යේසුස්වහන්සේ ඔහුට දුන් කැඳවීම නිසාය. මතෙව් යෙසායාගේ අනාවැකිය යේසුස්වහන්සේ ඉෂ්ට කළ බව පෙන්වන්නේ උන්වහන්සේගේ ගැළවීම “යොර්දාන් එගොඩ….අන්‍යජාතීන්ගේ ගලීලයේ” පතළ කළ බව දක්වමිනි (මතෙව් 4:13-15).

කයිසාර්ගේ බදු අයකළ මැරයෙකු (මතෙව් 9:9), බ‍්‍රයන් නම් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවකු නැත්නම් අප වැනි අයට අපගේ ජීවිතවලින් ආලෝකයේ සහ අන්ධකාරයේ වෙනස පෙන්වීමට හැකිවේ යයි කල්පනා කරන්නේ කව්ද?