එය මාර්ගයක් අසළ පාලනය කර ගත නොහැකි විශාල ගින්නක් පිළිබඳ වීඩියෝවකි. යමෙකු අත්පුඩි ගසමින් යම් දෙයකට එන්නට කියනවාක් මෙන් පෙණුනි. ඒ කුමක්ද? බල්ලෙක්වත්ද? මොහොතකින් හාවෙකු පැන ගෙන ආවේය. මිනිසා බියව සිටි හාවා රැගෙන ආරක්‍ෂිත ස්ථානයකට දිව්වේය.

එවැනි කුඩා සතෙකු බේරාගැනීම ජාතික ප‍්‍රවෘත්තියක් වූයේ කෙසේද? ඒ කුඩා දේවලට පෙන්වන අනුකම්පාවෙහි යම් දෙයක් ගැබ්ව ඇති හෙයිනි. කුඩා සතෙකුට ඉඩදීමට විශාල හදවතක් තිබිය යුතුය.

යේසුස්වහන්සේ පැවසුවේ දේව රාජ්‍යය යනු විශාල කෑමක් පිළියළ කර සියලු සෙනගට ආරාධනා කළ මනුෂ්‍යයෙක්ට සමාන බවයි. ශ්‍රේෂ්ඨ ධනවත් අය පමණක් නොවේ “දිළිඳුන්ද අබ්බාගාතයන්ද අන්ධයන්ද කොරුන්ද” යන සියලුම අයට ආරාධනා කළේය (ලූක් 14:21). දෙවියන්වහන්සේ දුර්වල අයත් වැදගත් නැති අයත් ඉලක්ක කිරීම ගැන මම සතුටු වෙමි. නැතිනම් මට අවස්ථාවක් නැත. “දෙවියන්වහන්සේ ප්‍රඥාවන්තයන් ලජ්ජාවට පමුණුවන පිණිස ලෝකයේ මෝඩ දේවල් තෝරාගත්සේක. දෙවියන්වහන්සේ ….. ලෝකයේ දුර්වල දේවල් තෝරාගත්සේක…… එසේ කළේ කොයි මනුෂ්‍යයෙක්වත් දෙවියන්වහන්සේ ඉදිරියෙහි පාරට්ටුකර නොගන්නා පිණිසය” (1 කොරින්ති 1:27-29).

මා වැනි කුඩා කෙනෙකු තෝරා ගැනීමට දෙවියන්වහන්සේගේ හදවත කෙතරම් විශාල විය යුතුද? ඊට ප‍්‍රතිචාර වශයෙන් මාගේ හදවත කෙතරම් විශාලව වැඩී ඇද්ද? මට බිය නැතිව කිව හැක්කේ ඒ මා “වැදගත් අයට” සලකන ලෙස නොව සමාජය වැදගත් නැතැයි සළකන අයට සේවය කරන ආකාරයට බව කියාය.