මාගේ මුණුපුරා වන ජේ කුඩා කාලේදී ඔහුගේ දෙමව්පියෝ ඔහුගේ උපන් දිනයේදී ඔහුට ටී ෂර්ටයක් තෑගි කළෝය. ඔහු එය එවෙලේම ඇඳ ගත්තේය. මුළු දවසේම උජාරුවෙන් ඇඳගෙන සිටියේය.

දෙවන දවසේද ඔහු එම ටී ෂර්ටය ඇඳ ගෙන ආ විට ඔහුගේ පියා ඔහුගෙන් ඇසුවේ “ඔය කමිසය ඔබට ප‍්‍රීතියක් ගෙන දෙනවාද” කියාය. “ඊයේ තරම් නැහැ” ජේ පිළිතුරු දුන්නේය.

ද්‍රව්‍යමය දේවල් රැස්කර ගැනීමේ ගැටළුව එයයි. ජීවිතයේ හොඳ දේවල්වලට පවා අප දැඩි ලෙස බලාපොරොත්තු වන ගැඹුරු සහ පවතින ප‍්‍රීතියක් ගෙන දිය නොහැක. අපට නොයෙකුත් වස්තුව තිබුණද අපි තවමත් සිටින්නේ දුකින් විය හැකිය.

ලෝකය ප‍්‍රීතිය දෙන්න උත්සාහ කරන්නේ ද්‍රව්‍ය එනම් අලුත් ඇඳුම්, අලුත් වාහන, අලුත් දුරකථන හෝ අත් ඔරලෝසුවක් වැනි දේවල් ගොඩ ගසා ගැනීමෙනි. නමුත් කිසිම ද්‍රව්‍යයකට ඊයේ මෙන් අදත් අපව සතුටු කළ නොහැකිය. එයට හේතුව අපව මවා ඇත්තේ දෙවියන්වහන්සේ වෙනුවෙන් නිසාය. වෙන කිසිවකට එය කළ නොහැකිය.

එක් දිනක් යේසුස්වහන්සේ නිරාහාරයෙන් සිට සාගින්නේ ක්ලාන්තවී සිටින අතර සාතන් උන්වහන්සේ වෙතට අවුත් උන්වහන්සේව පරීක්‍ෂා කර රොටී මවා සාගින්න නිවා ගන්නැයි කීවේය. උන්වහන්සේ යක්‍ෂයා පරාජය කළේ් ද්වීථිය කථාවේ 8:3 උපුටා දක්වමිනි. “මනුෂ්‍යයා දෙවියන්වහන්සේගේ මුඛයෙන් නික්මෙන සියලු වචනවලින් ජීවත්වෙනවා මිස, රොටි පමණකින් ජීවත් නොවන්නේය” (මතෙව් 4:4).

අපි රොටීවලින් පමණක් ජිවත් වෙනවා යයි යේසුස්වහන්සේ අදහස් කරන්නේ නැත. උන්වහන්සේ වැදගත් සත්‍යයක් ප‍්‍රකාශ කරන සේක. අපි ආත්මික මනුෂ්‍යයෝය. එබැවින් ද්‍රව්‍යාත්මක දේවලින් පමණක් අපට ජීවත් විය නොහැකිය.

සත්‍යය තෘප්තිය ලැබෙන්නේ දෙවියන්වහන්සේ සහ උන්වහන්සේගේ සම්පත් තුළිනි.